කුපාම මහින්ද ගොට්ලර්ට එරෙහි වෙයි – බැසිල් ශිරන්ති ජනපති සටනට…. පොහොට්ටුව දෙකඩවන ලකුණු……

කුපාම මහින්ද ගොට්ලර්ට එරෙහි වෙයි – බැසිල් ශිරන්ති ජනපති සටනට…. පොහොට්ටුව දෙකඩවන ලකුණු……
Spread the love
ගෝඨාභය රාජපක්ෂ මහතාට 2020 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් විය නොහැකි බැවින් වෙනත් විකල්පයක් පිළිබඳව සලකා බලන ලෙස් ඇමරිකානු තානාපති අතුල් කෙෂප් මහතා හිටපු ජනාධිපතිවරයා වෙත ප්‍රකාශ කර තිබේ. මීට දින කිහිපයකට පෙර කොළඹ විජේරාම මාවතේදී මහින්ද රාජපක්ෂ මහතා හමු වූ ඇමරිකානු තානාපතිවරයා, ගෝඨාභය සම්බන්ධයෙන් සහ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඇමරිකානු රජයේ ස්ථාවරය පැහැදිලි කරමින් මේ බව පවසා තිබේ.
අතුල් කෙෂප් මහතා තව දින කිහපයකින් තානාපති තනතුරෙන් සමුගෙන යාමට නියමිත අතර ඔහු රාජපක්ෂ මහතා හමුවී ඇත්තේ ඒ බව දැනුම් දී ඔහුට සමුදීම සඳහායි.
ගෝඨාභය රාජපක්ෂ තවමත් ඇමරිකානු පුරවැසියෙකි. ඔහු සම්බන්ධයෙන් ඇමරිකානු ස්වදේශ කටයුතු අමාත්‍යංශය මුල්‍ය අපරාධයක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මේ නිසා ගෝඨාභයට කෙතරම් අවශ්‍ය වුවද ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීමට ඔහුට නොහැකිය. ඔහු ඒ බව හොඳින්ම දන්නා නමුත් මාස දෙකක් තුළ ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කළහැකි බව පවසමින් ජනතාව මුළා කරමින් සිටී.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැලැක්වීම සඳහා, මහින්ද රාජපක්ෂ තුරුම්පු සොයමින් සිටි අතර දැන් ඇමරිකාව ඔහුට ප්‍රබල තුරුම්පුවක් ලබා දී තිබේ. මේ හරහා ජයගත හැකි අපේක්ෂකයෙකු සොයා ගැනීමට නොහැකි නම්, නාමල් රාජපක්ෂට සුදුසු කාලය එළඹෙන තෙක් කල්මැරීම ඔහුගේ ඒකායන බලාපොරොත්තුවයි.
බැසිල්-ගෝටා පලහිලව්වෙන් මහින්දට රජ මගුල්
මේ අතර බැසිල් රාජපක්ෂ මහතා ද ගෝඨාවිරෝධී අරගලය ආරම්භ කර තිබෙන අතර බැසිල්වාදීන් මේ දිනවල ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කරමින් සිටී. බැසිල්වාදී කණ්ඩායමේ මන්ත්‍රීවරයෙකු වන විමලවීර දිසානායක මන්ත්‍රීවරයා පෙරේදා (24) අම්පාරේදී ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා බැසිල් රාජපක්ෂට සහයෝගය දක්වන බවයි. මීට පෙර කුමාර වෙල්ගම මහතා මෙන්ම වාසුදේව නානායක්කාර මහතා ද ගෝඨාභයට එරෙහිව ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කළ අතර අස්ගිරි අනු නාහිමි සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද දැඩි විරෝධය එල්ල් කළේය.
බැසිල්-ගෝටා බල අරගලය මහින්ද රාජපක්ෂ සිය වාසියට හරවාගෙන ඇති අතර ඔහු සිය අනුගාමිකයන් හරහා ඔවුන් දෙදෙනාටම උපක්‍රමික ලෙස පහර දෙමින් සිටී. අප මීට කලින් ද ප්‍රකාශ කළ පරිදි රාජපක්ෂ තුන්බෑයන් හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂය හා පොදුජන පෙරමුණ කොටස් තුන හතරකට කැඩී ඇති අතර ඒ නිසා මහින්ද රාජපක්ෂ සතුව තිබූ තීරණාත්මක බලය මේ වනවිට ගිලිහෙමින් තිබේ.
මේ වනවිට ශ්‍රීලනිප 16 කණ්ඩායම මහින්ද රාජපක්ෂ සමග එක්ව ඇති අතර ඔවුන් රිසි සේ බැසිල් කණ්ඩායමට ප්‍රහාර එල්ල කරමින් සිටී.
උදයංග වීරතුංග තුරුම්පුව
හිටපු ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කළේ රතු වරෙන්තු නිකුත් කර තිබෙන උදයංග වීරතුංග ගෙන්වා ගැනීමට රජය අපොහොසත් වී ඇතත් ඔහු ගෙන්වා ගැනීමට තමන්ට හැකියාව තිබෙන බවයි. උදයංග වීරතුංගට ලංකාවට පැමිණෙන ලෙසට දැනුම් දී ඇති බව ද වාර්තා වේ. ශූර දේශපාලන කපටියෙකු වන මහින්ද රාජපක්ෂ මෙය කටට ආ පාලියට කළ ප්‍රකාශයක් විය නොහැකිය. උදයංග වීරතුංගට එල්ල වී ඇති චෝදනා හරහා සෘජුවම ගෝඨාභය රාජපක්ෂ කොටුකළ හැකි අතර මහින්ද මේ සූදානම් වන්නේ ඒ සඳහායි.
ඒ අනුව මහින්ද රාජපක්ෂ මේ දිනවල ගෝඨාභයට එරෙහිව සියලු තුරුම්පු එකතු කර ගනිමින් සිටින අතර ඔහු ඒවා ඔහුට අවශ්‍ය මොහොතේදී එළියට දැමීමට සූදානමින් සිටී.
ගෝටා හුදෙකලා වෙයිද ?
බැසිල්-මහින්ද දෙබෑයන් එක්ව හා වෙන වෙනම සිදුකරන දේශපාලන ගේම් හේතුවෙන් මේ වනවිට ගෝඨාභය රාජපක්ෂගේ කඳවුර ක්‍රමයෙන් හීනවෙමින් යන අතර ඒකාබද්ධ විපක්ෂය තුළ සෘජුවම ගෝඨාභය හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල පමණි. එහෙත් මහින්ද සහ බැසිල් නොමැතිව ඔවුන් දෙදෙනාටම පැවැත්මක් නොමැත. ඒ අනුව තීරණාත්මක මොහොතකදී ඔවුන් දෙදෙනා ද බැසිල්ට හෝ මහින්දට එක්වනු ඇත.
අනෙක් පැත්තෙන් වියත් මග සංවිධානයේ ක්‍රියාකාරීන් බහුතරයක් ෂැන්ග්‍රි-ලා සම්මන්ත්‍රණයෙන් පසුව ගෝඨාභය සමග විරසකව සිටින අතර මේ දිනවල පවතින දේශපාලන වාතාවරණය සහ මහින්දගේ කුමන්ත්‍රණ හේතුවෙන් තවදුරටත් ගෝඨාභයගෙන් විතැන් වෙමින් සිටී.