පසුගිය දවසක හිටපු ජනපති ගම්පහ පැත්තෙ මඟුල් ගෙදරකට සහභාගි වුණාලු…
ඒක තිබුණේ බස්නාහිර පළාත් සභාවෙ මන්ත්‍රී උන්නැහේ කෙනෙක්ගෙ නිවසෙ බවයි ආරංචි…සාමාන්‍යයෙන් හිටපු ලොකු තැන මොන පළාතට ගියත් එහේ පක්ෂ සංවිධායකයත් කැඳවගෙන තමයි උත්සවවලට යන්නෙ. ඒ අනුව පළාතෙ දේශපාලන වැඩ බලන සරණත් හිටපු ලොකු තැන සමඟ මඟුල් ගෙදරට සහභාගි වෙලා. ඔන්න ඔය ගමන ගියපු එක ගැන ගම්පහ පොහොට්ටුවෙ ලොක්ක උන ප්‍රසන්නට පුවල් ගිහිල්ලලු…
උන්නැහේට තරහ ගිහින් තියෙන්නෙ තමන් නොදැන අහවලත් එක්ක මඟුල් ගෙදර ගිය එක ගැනලු… ඒකට හිත නරක් කරගත්ත ප්‍රසන්න උන්නැහේ හිටපු ලොකු තැන එක්ක දැන් කතා කරන්නෙ නැහැ කියලයි ආරංචි. මහින්දත් ඒකට කිසිම ප්‍රතිචාරයක් දක්වලා නැතිලු.
උපුටා ගැනීමකි