කුපාම මහින්ද හමුවන්නට මත්තෙන් 16 කල්ලියේ ඇතුලත ගිනි පිටට ඇවිත්…. දායාසිරිගෙන් නාකින්ට ප්‍රහාරයක්….

කුපාම මහින්ද හමුවන්නට මත්තෙන් 16 කල්ලියේ ඇතුලත ගිනි පිටට ඇවිත්…. දායාසිරිගෙන් නාකින්ට ප්‍රහාරයක්….
Spread the love

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුව සඳහා තමන් හට කිසිදු ආරාධනාවක් සිදුකර නොමැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර පවසනවා. අද පැවැත්වෙන අදාළ හමුව පිළිබඳව පුවත් වෙබ් අඩවියක් විමසා සිටි අවස්ථාවේ දී ඔහු වැඩිදුරත් ප්‍රකාශ කොටඇත්තේ ජෝන් සෙනෙවිරත්නගේ තීන්දුව 16යේ කණ්ඩායමේ සියලුදෙනාගේ තීන්දුව නොවන බවයි.

ඒකාබද්ධ විපක්ෂය විසින් තමන්ව පාවඩ දමා පිළිගැනීම අවශ්‍ය නොමැති නමුත් බල්ලෝ බළල්ලුන්ට මෙන් සැළකීමට තමන් එකඟ නොවන බව ද ඔහු සඳහන් කරනවා.

එමෙන්ම මේ වන විට 16යේ කණ්ඩායම තුළත් යම් යම් ගැටලුකාරී තත්ත්වයන් මතුව ඇති බවද ඔහු ප්‍රකාශ කළ බව සඳහන්. දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පවසා ඇත්තේ තමන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වීමට සූදානම් නොමැති බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය නොමැතිව කිසිදු අයෙකුට ජනාධිපතිවරණය ජයගැනීමට නොහැකි බව ද මන්ත්‍රීවරයා පවසනවා.

මේ අතර දහසයේ කණ්ඩායම පිළිබඳව ගන්නා තීරණය කුමක්දැයි පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂමන් පියදාසගෙන් මාධ්‍ය කළ විමසීමක දී ඔහු සඳහන් කර ඇත්තේ ජනමාධ්‍යවල පළ කරන අදහස් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට තමන් සූදානම් නැති බවයි.

පක්ෂයෙන් ඉවත් වෙන බවට තවමත් කිසිවෙක් තමාට ලිඛිතව දන්වා නැති බවද පෙන්වා දෙනවා.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය දරණ කිසිවෙකු හෝ ඒකාබද්ධ විපක්ෂයට නිල වශයෙන් එක්වුවහොත් ඔවුන් සම්බන්ධයෙන් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්කර අනිවාර්යෙන්ම තීරණයක් ගන්නා බවයි පක්ෂ මහ ලේකම්වරයා වැඩිදුරටත් පවසා තිබෙන්නේ.