කොටදෙණියාව ප්‍රදේශයේදී කාන්තාවක කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 12 වනදා කොටදෙණියාව ප්‍රදේශයේ නිවසත් තුළදී තියුණු ආයුධයකින් පහරදී 68 හැවිරිදි කාන්තාවක ඝාතනය කර තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබුණි.
ඒ පිළිබඳ සිදුකළ විමර්ශනවලට අනුව එම නිවසේ සේවය සදහා පැමිණි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිම්වලදී ඔහු විසින් මෙම ඝාතනය සිදු කරන ලද බවට තොරතුරු අනාවරණය වී තිබේ..
ඒ අනුව අදාළ කාන්තාවගේ ගෙල පැළඳි රන් මාලය කොල්ලකෑම සඳහා සැකකරු විසින් මෙම ඝාතනය සිදු කර ඇති බව පොලිසිය පවසයි.
අදාළ සැකකරු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් කොටදෙණියාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
[rns_reactions]

