පළාත් පාලන මැතිවරණයේදි කොටිකාවත්ත මුල්ලේරියාව ප‍්‍රාදේශිය සභාවේ ලැබි ඇති ප‍්‍රතිඵල අනුව බලය පිහිටවීමේදි අර්බුදකාරි තත්ත්වයක් ඇති වන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් සභිකයන් 16 දෙනකු සහ එක්සත් ජාතික පක්ෂයෙන් සභිකයන් 12 ක් ශ්‍රීලනිපයෙන් 04ක් ජවිපෙන් 03ක් සහ රාජලියාගෙන් 01ක් ලෙස තේරි පත් වි ඇති අතර ප්‍රධාන පක්ෂ දෙකටම බහුතරය වන ආසන 19ක් නොලැබීම නිසා නියත වශයෙන්ම ශ්‍රීලනිපය මෙවර තීරණාත්මක සාධකය බවට පත්ව ඇත..
ඒ අනුව එජාපයෙන් සහ පොහොට්ටුවෙන් කොලොන්නාව ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක ප්‍රසන්න සෝලංගආරච්චි සමගින් සාකච්චා කිරීමට දැඩි උත්සහයක නිරතවන නමුත් තමන් ජනපති මෛත්‍රී ගන්නා ඕනෑම දේශපාලන තීන්දුවක් සමගින් සිටගන්නා බව සෝලංගආරච්චි පවසා ඇත..