‘‘ කොහෙද ලොකු? අපිඋදේ 6 ඉඳන් ඉන්නේ..මරාගෙන මැරෙනවා දැනගනින්..පෝලිමේ ඉදලා වරෙන්…‘‘

Spread the love

ඇතීවී තිබෙන ඉන්ධන හිඟය හේතුවෙන් බොහෝ රථ වාහන හිමියන් මේ වන විට දැඩි අපහසුතාවට මුහුණදී තිබෙනවා.පෙට්‍රල් ලබා ගැනීමේ බගාපොරොත්තුවෙන් ඉන්ධන හල් වෙත පැමිණි බොහෝ පිරිසක් දිගු පොලිම් වල රැඳී සිටිනු දක්නට ලැබෙනවා.

මේ අතර ඉන්ධන නිකුත් කරමින් පවතින ඉන්ධන හල්වල දැඩි උනුසුම් කාරි තත්වයන්ද මතුව තිබෙන අතර අතැම් ඉන්ධනහල් වලින් සුපිරි මොටර් රථ සඳහා වැඩි වශයෙන් ඉන්ධන ලබාදෙන බවත් ත්‍රීරොද රථ හා යතුරුපැදි සඳහා ඉන්ධන ලබාදීමේදී මන්දගාමී ස්භාවයක් අනුගමනය කරන බවත් වාර්තාවනවා. 

මේ ආකාරයේ සිදුවීමක් අද කළුතර ප්‍රදේශයෙන් වාර්තා වුණා.මෙහිදී එක්තරා ප්‍රභූවරයෙක් පොලිස් ආරක්ෂාව මැද ඉන්ධන ලබාගැනීමට අදාළ ඉන්ධන හල වෙත පැමිණ තිබූ අතර ඒ මොහොතේ බොහෝ දෙනෙකු ඉන්ධන ලබාගැනීමේ අපේක්ෂාවෙන් දිගු පෝලිමක සිට තිබෙනවා.

කෙසේ වෙතත් එතැන සිටි පුද්ගලයෙකු මෙම අසාධාරණයට එරෙහිව නිර්භීතව සිය අදහස් ප්‍රකාශ කරන අයුරු දැක්වෙන වීඩියෝවක් අප වෙත වාර්තා වුණා.

එම වීඩියෝව පහතින් නරඹන්න.

[rns_reactions]