කොළඹට හෙටත් පැය 18ක ජල කප්පාදුවක්…….

Spread the love

කොළඹ ප‍්‍රදේශ කිහිපයකට හෙට දිනයේ පැය 18ක් ජල සැපයුම අත්හිටුවන බව අපට වාර්තා වේ. අඹතලේ ජල පවිත‍්‍රාගාරයේ සිට එළි හවුස් ජලාශයට ජලය සැපයෙන ප‍්‍රධාන ජල නළ පද්ධතියේ සිදු කෙරෙන නඩත්තු කටයුත්තක් ඊට හේතුව බව සදහන්.

ඒ අනූව බේස්ලයින් පාරේ කැළණි පාලම අසල සිට දෙමටගොඩ හන්දිය සහ ඊට සම්බන්ධ සියලූ අතුරු මාර්ගවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති අතර කොස්ගස් හන්දිය, ග‍්‍රෑන්ඞ්පාස්, මහවත්ත සහ තොටලග යන ප‍්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවන බව සඳහන් කළේ.

හෙට උදෑසන නවයේ සිට බදාදා අලූයම 03 දක්වා එම ප‍්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.