කොළඹ නගර සභාවේ නාගරික මන්ත‍්‍රිවරයෙකු අද අලුයම් කාලයේදී වෙඩි තබා ඝාතනය කර ඇත.
පිටකොටුම හෙට්ටි වීදියේදී 40 හැවිරිදි ක්‍රිෂ්ණ පිල්ලේ ගිරුබානන්දන් නොහොත් ක‍්‍රිෂ්නා නම් කොළඹ නගර සභාවේ ස්වාධීන මන්ත‍්‍රිවරයෙකු ලෙස කටයුතු කල අය මෙසේ ඝාතනය වී ඇත.
හෙට්ටි වීදියේ පිහිටි තම පලතුරු අලෙවිසැලට අද අලුයම පැමිණෙමින් සිටියදී මෝටර් බයිසිතලයකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇත.
මන්ත‍්‍රීවරයා මිය ගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් තුවලා ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමනේ පසුවයි.

