ගතවූ දින 4 තුළ රිය අනතුරුවලින් 42ක් මරුට

ගතවූ දින 4 තුළ රිය අනතුරුවලින්  42ක් මරුට
Spread the love

පසුගිය 13 වනදා සිට අද (17) උදෑසන 06.00 න් අවසන් වූ දින 4ක කාලය තුළ වාර්තා වූ රිය අනතුරු 31 කින් පුද්ගලයින් 42 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද(17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේය.

උත්සව සමයේ සැලකිලිමත්ව රිය ධාවනය කරන ලෙස නිරන්තරයෙන් දැනුවත් කිරීම් සිදුකර තිබියදී මෙවැනි අනතුරු වාර්තා වීම කණගාටුදායක තත්ත්වයක් බව සඳහන් කළ මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම රිය අනතුරු සියල්ල වලක්වාගත හැකිව තිබු අනතුරු බවට නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වන බව ප්‍රකාශ කළේය.

එළඹෙන සති අන්ත දීර්ඝ නිවාඩුව හේතුවෙන් මාර්ගවල රථවාහන වැඩි වශයෙන් ධාවනය විය හැකි බැවින් රිය ධාවනයේදී සැලකිලිමත් විය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

මේ අතර පසුගිය 11 වනදා සිට අද උදෑසන 06.00 න් අවසන් වූ කාලය තුළ බීමත් රියදුරන් 1536 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මාර්ග නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් නඩු 42,114 ක් පැවරීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේය.