ගම හදන මිනිසුන් සමගින් අපි වාර්තාගත ජයක් ලබනවා – ප්‍රසන්න සෝලංගආරච්චිගෙන් ප්‍රකාශයක්….

ගම හදන මිනිසුන් සමගින් අපි වාර්තාගත ජයක් ලබනවා – ප්‍රසන්න සෝලංගආරච්චිගෙන් ප්‍රකාශයක්….
Spread the love

මෙවර මැතිවරණය ආණ්ඩු වෙනස් කරන මැතිවරණයක් නොවන බවත් ගම හදන ගමේ නායකයා තොරාපත්කරගන්නා මැතිවරණයක් පමණක් බවත් තම කණ්ඩායමේ ජයග්‍රහණය ස්ථිර බවත් කොලොන්නාව ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක ප්‍රසන්න සෝලංගආරච්චි කොටිකාවත්ත සනස උත්සව ශාලාවේදී පැවතී උත්සවයකදී පැවසිය..

“මම මේ මැතිවරණය ශ්‍රීලනිපය කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව වාර්තාවක් සමගින් දිනනවා.. මගේ කණ්ඩායමට කිසිදු තරගයක් නෑ.. මට අභියෝග කරන්න කවුද ඉන්නේ? අලුත් මුහුණු පරණ මුහුණු එක්ක හොරකම් මැරකම් නැති සුපිරි කණ්ඩායමක් අපි මෙවර ඉදිරිපත් කරලා තියෙන්නේ.. ප්‍රතිවාදීන් කිහිපපොලක්ම මේ වනවිට තමන්ගේ ප්‍රචාරණ නවත්තල ඇති බව අපිට ආරංචියි” යයිද ඒ මහතා වැඩිදුරටත් පැවසිය..

මේ වෙද්දී කොලොන්නාව නගර සභා කොටසේ පොහොට්ටුව සහ අලියා විනාශ වෙමින් යන්නේ. හොදම උදාහරණය ඊයේ වෙද්දී පොහොට්ටුව එක්ක ගියපු ප්‍රබලයෙක් අපේක්ෂිකයෙක් සමගම යලිත් ශ්‍රීලනිපයට ආවා.. ශ්‍රීලනිපය කියන්නේ මහා ගෙදර.. කුලියට ගියාට වැඩක් නෑ ඔය දගලන හැමෝටම ආපහු එන්න වෙනවා.. යයිද එතුමා වැඩිදුරටත් පැවසිය…

බත බුලතින් සරු ගමක් උදෙසා වූ නියත ජයක් ලබන රාජසිංහ පරපුරේ මෙහෙයුම සුබ මොහොතින් දියත් වූ වගයි…කොටිකාවත්ත මුල්ලේරියාව …

Posted by රාජසිංහ පරපුරක අපි on Friday, January 5, 2018