ගල්ගමුවේ හස්තියාට වෙඩි තබා මරා දමලා

Spread the love

ගල්ගමුව ප්‍රදේශයේ සිය අණසක පතුරුවා ගනිමින් ජීවත් වූ හස්තියෙකුට ඉකුත් 10 වැනිදා කිසියම් පුද්ගලයෙකු විසින් වෙඩි තබා මරා දමා තිබේ.

කැලයේ සතුන් දඩයම් කරන්නට ගිය පුද්ගලයෙකු ඉතාමත් නින්දිත ආකාරයෙන් මෙම ඇතාට වෙඩි තබන්නට ඇති බවට වනජීවී නිලධාරීන් සැක පහළ කරන අතර ඇතාගේ සිරුර දින දෙකකට පසුව ඉකුත් 12 වන දා ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීමක් මත ගල්ගමුව වනජීවී නිලධාරීන් සොයාගෙන තිබේ.

මෙම හස්තියා මේ ආකාරයෙන් වෙඩි තබා මරා දමා තිබුණේ ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගනේ දිවුල්වැව ප්‍රදේශයේ කැලෑවක් තුලදීය. වනජීවී නිලධාරීන් පවසා සිටියේ ඇතාගේ වයස අවුරුදු 30 ක් පමණ වන බවත් උස අඩි 08 ක් වන බවත් ය. එසේම මෙම ඇතා තරමක් විශාල දළයක් හා තරමක් කුඩා දළයක් සහිත බවද වනජීවී නිලධාරීන් අපට කියා සිටියහ.

ඇතාගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අනුරාධපුර – පණ්ඩුලගම පශු වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරයා විසින් සිදු කළ අතර එහිදී ඔහු සදහන් කර සිටියේ මෙම මරණය සිදුව ඇත්තේ වෙඩි වැදීමකින් බවයි.

[rns_reactions]