ග්‍රාමශක්ති ඌව පළාත් ප්‍රගති සමාලෝචන රැස්වීමේදී කවුරුත් නොහිතපු සුවිශේෂි පෙරලියක්….

ග්‍රාමශක්ති ඌව පළාත් ප්‍රගති සමාලෝචන රැස්වීමේදී කවුරුත් නොහිතපු සුවිශේෂි පෙරලියක්….
Spread the love

ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ ඌව පළාත් ප්‍රගති සමාලෝචන රැස්වීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

දේශපාලන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරින් යන දෙපාර්ශ්වයම මීට එක්ව සිටි අතර, ඌව පළාතේ ජනතාව මුහුණදී සිටින ගැටලූ පිළිබ`දව ද මෙහිදී පුළුල් අවධානයක් යොමු කෙරිණි.

එම ගැටලූවලට දැඩි ඕනෑකමකින් ඇහුම්කන්දුන් ජනාධිපතිතුමා ඉදිරිපත් කෙරුණු ඇතැම් ගැටලූවලට ලබාදිය හැකි කඩිනම් විසඳුම් පිළිබදව ද නිලධාරින්ට උපදෙස් දුන්නේය.

ඌව පළාත් ග්‍රාමශක්ති මල් සංගමය සහ හේලීස් පෞද්ගලික සමාගම අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ද මෙහිදී සිදුවිය.

බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්ක සදහා ග්‍රාමශක්ති ව්‍යාපාරය වෙනුවෙන් රජය ලබාදෙන මුදල්වල පළමු වාරිකය ප්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කය සදහා රුපියල් මිලියන 22.5 ක් ද මොණාරගල දිස්ත්‍රික්ක සදහා රුපියල් මිලියන 16.5 ක් ලබාදීම සිදු කෙරිණි.

අමාත්‍යවරුන් වන රංජිත් මද්දුමබණ්ඩාර, නිමල් සිරිපාල ද සිල්වා, හරින් ප්‍රනාන්දු, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනයක, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා,පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා,ඌව පළාත් ආණ්ඩුකාර ආරිය බණ්ඩාර රැකව මහතා සහ පක්ෂ විපක්ෂ පළාත් සහ ප්‍රාදේශීය සභා මහජන නියෝජිතයින් ද, පළාතේ රාජ්‍ය නිලධාරින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ ඌව පළාත් ප්‍රගති සමාලෝචන රැස්වීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්…

Posted by Maithripala Sirisena on Monday, May 21, 2018