ගාමිණි සෙනරත් ඇතුළු 4කට විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටින්න සිතාසි

ගාමිණි සෙනරත් ඇතුළු 4කට විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටින්න සිතාසි
Spread the love

රජයට අයත් රුපියල් මිලියන 500 ක මුදලක්‌ සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා 24 ක්‌ යටතේ පවරා ඇති නඩුවේ විත්තිකරුවන් වන හිටපු ජනාධිපති කාර්ය මණ්‌ඩල ප්‍රධානි ගාමිණි සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිවුදෙනකුට ලබන 24 වැනිදා විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යෑවීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ (01) නියෝග කළහ. 

බරපතළ වංචා හා දූෂණ සම්බන්ධයෙන් පවරනු ලබන නඩු විභාග කිරීම සඳහා ස්‌ථාපිත කළ විශේෂ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරුවරයා ලෙස කටයුතු කරන මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝaන් මහාධිකරණ විනිසුරු සම්පත් විජයරත්න හා මහාධිකරණ විනිසුරු චම්පා ජානකි රාජරත්න මහත්මිය එම නියෝගය කළාය.

2014-2-01 හා 2015-01-20 කාලය අතරතුරදී ලිට්‌ට්‍රො ගෑස්‌ සමාගම විසින් කැන්විල් හෝල්ඩින්ස්‌ පුද්ගලික සමාගමට ලබාදුන් රුපියල් මිලියන 500 මුදලක්‌ සෙලන්කෝ හොටෙල් ඇන්ඩ් ස්‌පා පුද්ගලික සමාගමට යොදවා ගැනීමෙන් පොදු දේපළ පනත යටතේ හා ලංකා දණ්‌ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වැරදි සිදුකර ඇතැයි නීතිපතිවරයා අධිචෝදනා ගොනු කර තිබුණි. ගාමිණි සේදර සෙනරත්, පියදාස කුඩාවාලගේ, නීල් බණ්‌ඩාර හපුහින්න හා ලසන්ත බණ්‌ඩාර යන විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇති එම අධිචෝදනා සනාථ කිරීමට පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂිකරුවන් 63 දෙනකු හා ලේඛන සාක්‍ෂි 92 ක්‌ ඉදිරිපත් කිරීමට අපේක්‌ෂා කරන බවද නීතිපතිවරයා විනිසුරු මඩුල්ලට දන්වා තිබුණි.