ගාල්ලත් ජනපති මෛත්‍රි – කුපාම මහින්ද එකගතාවයක…. තනතුරු බෙදුනු හැටි මෙන්න…

ගාල්ලත් ජනපති මෛත්‍රි – කුපාම මහින්ද එකගතාවයක…. තනතුරු බෙදුනු හැටි මෙන්න…
Spread the love

ගාල්ල මහ නගර සභාව සදහා නගරාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීමට සභාවේ මන්ත‍්‍රීවරුන් අතර පැවති ඡන්දයෙන් ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ හා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද අපේක්‍ෂකයා ජය ගනු ලැබීය.

ඒ අනුව ප්‍රියන්ත ගොඩගම සහබන්දු මහතා ගාල්ල මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස තේරී පත් විය.

එහිදී පැවති රහස් ඡන්දයෙන් පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයා ඡන්ද 20ක් ගත් අතර එජාපයෙන් ඉදිරි්පත් කල අපේක්‍ෂක ජිලිත් නිශාන්ත ලබා ගත්තේ ඡන්ද 11ක් පමණි.

ජවිපෙ මන්ත්‍රීවරු තිදෙනා ඡන්දය දුන්නේ නැත.

පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයේදී එජාපය මන්ත්‍රී ආසන 14ක්, පොහොට්ටුව මන්ත්‍රී ආසන 13ක්, ශ්‍රීලනිපය 03ක්, ජවිපෙ 03ක් හා සෙසු පක්‍ෂ මන්ත‍්‍රී ආසන 02ක් ලෙස ආසන බෙදී ගියේය.