පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් පසු ගෑස් මිල වැඩි කිරිමට ආණ්ඩුව එකඟ වී තිබූ බව ගෑස් සමාගම් පවසන අතර ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය අප වෙත කියා සිටියේ ගෑස් මිල වැඩි කරන ලෙසට කරන ඉල්ලීම මෑතකදී සිදු කළ එකක් නොවන බවයි.
ලෝක වෙළඳපළේ ගෑස් මිල ගණන් ඉහළ යාම හා රුපියල අවප‍්‍රමාණය වීම හේතුවෙන් මෙම ඉල්ලීම සිදු කළ බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
කෙසේවෙතත් ගෑස් මිල වැඩිකිරීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී ද මාධ්‍යවේදීන් වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගෙන් විමසීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ මිල වැඩි කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.