ගිරා ජෝඩු විකුණන අයට වැඩ වරදින හැටි

Spread the love

මාලගිරා ජෝඩුවක් කූඩුවක දමා හිර කරගෙන අන්තර්ජාලය ඔස්සේ විකිණීමට ගිය අයකු පෙරේදා (28දා) නුවරඑළිය වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ගම්පොළ අධිකරණයට ඉදිරිපත් කළ පසු රුපියල් පනස් දහසක ශරීර ඇපමත නිදහස් කොට ඇත. එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙලම්බොඩ, ධර්මාපුර පදිංචි අයෙකි.

එම ස්ථානයට උපක්‍රමශීලීව ගිය වනජීවී නිලධාරීන් රුපියල් 7000ක මිලකට අලෙවි කිරීමට සූදානම් කොට තිබූ ගිරා ජෝඩුව හා සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

අධිකරණ නියෝග මත ගිරා ජෝඩුව නුවරඑළිය ගැල්වේස් ජාතික වන උද්‍යානය වෙත මුදාහැරිණි. ගැල්වේස් ලෑන්ඩ් ජාතික වන උද්‍යානයේ උද්‍යාන භාරකරු එම්.ජී. විමලරත්න, වනසත්ත්ව නියාමක ලාල් රත්නායක, රාජිත, කේෂ්ත්‍ර සහායක සරත්, රියැදුරු චන්ද්‍රලාල් යන නිලධාරීහු වැටලිම සඳහා සහභාගි වූහ.