ලක්හඬ ආයතනයේ ධනුෂ්කගේ කෙරුවාවයි මේ…
ධනුෂ්ක මහත්තයා ලක්හඬ ගුවන් විදුලියට අදාළව පළමු අඩව්ව අල්ලන්නේ ලක්හඬ නග්ගන්න කරන සමීක්ෂණය හරහා ය. අපට වාර්තා වී ඇති ආකාරයට ධනුෂ්ක මහත්තයා ඒ වෙනුවෙන් ලක්ෂ 5ත් 8ත් අතර මුදලක් වැය කර ඇත. අප කළ විමසීමේ දී ධනුෂ්ක මහත්තයා කිව්වේ අදාළ සමීක්ෂණය සඳහා වැය නොවූ බවය. කෙසේ වුවත් සමීක්ෂණය අවසන් වූයේ එතෙක් ලක්හඬ ගුවන් විදුලියේ ශ්රාවක ප්රසාදය මැනවින් දිනා සිටි පේ්රමතටාකය සහ ජෝති රාත්රිය යන වැඩසටහන් නවතා. එම වැඩසටහන් අද වෙනස් ආකෘතියකින් වෙනත් නාලිකාවක විකාශනය වන බව ධනුෂ්ක මහත්තයා නොදන්නවා ඇත. එපමණක් නොව ආයතනයේ ගුණාත්මකභාවය නංවන්නට යැයි කියමින් එහි සේවක සේවිකාවන් සහභාගි කරවාගෙන මාදුරුඔය විශේෂ කාර්යය බලාකා කඳවුරේ පැවැත් වූ වැඩමුළු සඳහා ද සංවිධාන කටයුතු සිදුකර ඇත්තේ ධනුෂ්ක මහතාමය. ඊට රුපියල් මිලියන 10කට ආසන්න මුදල් ප්රමාණයක් වැය කර ඇත. නිවේදක නිවේදිකාවන්ට කටහඬ පුහුණුවක් යැයි කියා ඒ වෙනුවෙන් වූ කිසිදු සුදුසුකමක් නොමැති පුද්ගලයකුට රුපියල් 50000ක් ගෙවීමට මැදිහත් වී ඇත්තේ ද ධනුෂ්ක මහත්තයාමය. එසේම විනාඩියකටත් අඩු තේමා වාදනයක් වෙනුවෙන් ධනුෂ්ක මහත්තයාගේ මැදිහත් වීමෙන් වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 4ක්ය. එම තේමා වාදනයම නැවත නිර්මාණය කිරීමට ඔහු රුපියල් 254000ක මුදලක් ද වැය කර ඇත.
මෙය ලක්හඬ ඉතිහාසයේ පමණක් නොව ලංකා ඉතිහාසයේම මිනිත්තුවකට අඩු තේමා වාදනයක් වෙනුවෙන් වැයකළ වැඩිම මුදල වන්නට ඉඩ ඇත. එසේම ලක්හඬ ගුවන් විදුලියේ ඉතා කුඩා වපසරියක තීන්ත ආලේප කිරීම සඳහා ධනුෂ්ක මහත්තයාගේ මැදිහත්වීමෙන් රුපියල් මිලියන 1.3කට ආසන්න මුදලක් වැය කර ඇති බව ද වාර්තා වෙයි. ඒ ද ලක්හඬ ඉතිහාසයේ තවත් වාර්තාවක්ය. මීට අමතරව S-5 සංකල්පය පිළිබඳ ආයතනයේ සේවක සේවිකාවන් දැනුවත් කරන්නට යැයි කියා එක්තරා හෝටයකට ඔවුන්ව ගෙන ගොස් මුළු දවසක්ම ගෙවා දම්මවා නැටූ නාඩගමට වැයකර ඇති මුදල රුපියල් මිලියන 4කට අධිකය. එසේම ප්රවෘත්ති ජිංගල් නිර්මාණය වෙනුවෙන් ධනුෂ්ක මහත්තයාගේ මැදිහත්වීමෙන් රුපියල් 260000ක් සහ ආයතනය රීලෝන්ච් කරන්න යැයි කියමින් රුපියල් මිලියන 3කට ආසන්න මුදලක් අපතේ යැව්වේ ද ධනුෂ්ක මහත්තයාගේම මැදිහත් වීමෙන්ය. මේ සියලූ නාඩගම් අවසානයේ ලක්හඬ ගුවන් විදුලිය ධනුෂ්ක මහත්තයා වැඩ බාරගත් සමයේ තිබූ තැනවත් අද තිබුණා නම් හිත හදා ගන්නට තිබිණ. කෙසේ නමුත් සමීක්ෂණ දත්ත මත එදා 9වන ස්ථානයේ රැඳී තිබූ ලක්හඬ අද 14 වන ස්ථානයේය.
මේ සියලූ නාඩගම් නැටීම අවසානයේ අවම වශයෙන් ලක්හඬ ගුවන් විදුලියේ ආදායම් පාර්ශ්වයවත් සරු වී තිබුණා නම් පොඩි එකාගේ ආසාවනේ කියා අපට ද නිහඬව ඉන්නට තිබිණ. නමුත් එසේ නිහඬ වන්නට නොහැකි වන්නේ ආයතනයේ ඉහළ ධුරයක් දරන අතර තුරම ආයතනයේ ආදායම් මාර්ග සමඟ සූදු කෙළින්නට ධනුෂ්ක මහත්තයා ක්රියාකර ඇති නිසාය. ඒ සූදුව වෙනුවෙන් ධනුෂ්ක මහත්තයාගේ හිතුවක්කාරකම කොපමණ දැයි කියනවා නම් ආයතනයට ලක්ෂ 15ක් පමණ මුදලක් ලබා දී සිදු කරන ජාතික ලොතැරැයි මණ්ඩලයේ දිනුම් ඇදීම විකාශය වීම නවතා දමන්නට තරම් එය දුරදිග ගොස් ඇත. ඒ වෙනුවෙන් ධනුෂ්ක මහත්තයා ජාතික ලොතරැයි මණ්ඩලයට ‘‘මිනිට්’’ ගසා දැනුම් දී ඇත්තේ ‘‘නව කළමනාකරු පැමිණි පසු මෙය ක්රියාත්මක කිරීමට යෝජනා කරමි’’ යනුවෙන් දැනුම් දෙමින්ය. ඒ පිළිබඳ ධනුෂ්ක මහත්තයාගෙන් විමසූ විට ඔහු අවධාරණය කරන්නේ රූපවාහිනී වැඩසටහනක් පටිගතකර රාත්රී 9.00ත් – 10.00ත් අතර ගුවන් කාලය විකාශය කිරීම ශ්රාවක රුචියට හිතකර නොවන බවය. එහෙයින් එය වැඩ සටහනක් ලෙස විකාශය කිරීම තම අපේක්ෂාව වූ බවය.
අවසානයේ සිද්ධ වූයේ ලොතරැයි මණ්ඩලයේ දිනුම් ඇදීම විකාශය කිරීමේ අවස්ථාව ලක්හඬට අහිමි වී යාමය. එපමණක් නොව ධනුෂ්ක මහත්තයාගේ මේ මාර මොළය නිසා ලක්හඬ ගුවන් විදුලියට වෙළඳ දැන්වීම් ලබා දුන් සහ ඒ හා එක්ව ප්රවර්ධන කටයුතු සිදුකළ SLT ඩයලොග්, සෙලාන්, මෙල්වා, මල්ටිලැක්, ඩාලිබට්ලර් ආදී ප්රධාන පෙළේ ආයතන මේ වන විට ලක්හඬ සමඟ ඇති ගනුදෙනු අත්හිටුවා ඇත. මේ අයුරින් ආයතනයට ආදායම් ලැබෙන මාර්ග අහුරාලන ඒ වෙනුවෙන් මිනිටි ගැසීමට තරම් මොළය ඔද්දල් කරගත් ආයතන ප්රධානියකු ලෙස ද ධනුෂ්ක මහත්තයාගේ නම ලක්හඬ පමණක් නොව ලෝක ඉතිහාසයට ද එක්වනවා නොඅනුමනය.
ඉතිං තත්වය මෙසේ තිබියදී ධනුෂ්ක රාමනායක මේ වන විට ශ්රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ක්රියාකාරී අධ්යක්ෂකවරයා ලෙස නව පත්වීමක් ලබා තිබෙනවා. අවසානයේදී අපටනම් කිවයුතුව ඇත්තේ ශ්රී ලංකා ගුවන්විදුලි සංස්ථාවටත් දෙයියන්ගේම පිහිටයි යනුවෙනි…
[rns_reactions]

