ගොඩක් අය කරන්න හැදුවට කරගන්න බැරිවුන කෘතීම වැසි වලින් ජල විදුලිය නිපදවීමේ අභියෝගය රවී ජයග්‍රහනය කරයි…

ගොඩක් අය කරන්න හැදුවට කරගන්න බැරිවුන කෘතීම වැසි වලින් ජල විදුලිය නිපදවීමේ අභියෝගය රවී ජයග්‍රහනය කරයි…
Spread the love

කෘතීම වැසි මඟින් ජල විදුලිය නිලදවීම ගැන මීට ඉහත නියඟ කාලයන් වලදී කතාබහට ලක්වූවත් ඒ ඒ කාලවල විදුලිබල ඇමතිව සිටි කිසිම අමාත්‍යවරයෙකුට එම අදහස සාක්ෂාත් කරගැනීමට නොහැකි විය.එසේ තිබියදී නියඟයක් ඇතිවීමට පෙර ඒයට සූදානම් වීමක් වශයෙන් දුරදිග බලා වැඩ කරන අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පලමු වරට මෙරට තුල කෘතිම වැසි ඇතිකිරීම සදහා ගිවිසුම් අත්සන් කිරීමක් ඊයේ දිනයේ සිදු විය.

විදුලිබල, බලශක්ති අමාත්‍යංශය හා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව අතර මෙම ගිවිසුම අත්සන් තැබූ අතර මෙහි ප‍්‍රතිඵල පෙබරවාරි මස අග භාගයේදී දක්නට හැකි වනු ඇති බව ඇමති රවි කරුණානායක මහතා සදහන් කලේය.

නියග පවතින කාලයේදී ජලවිදුලි බලාගාර ප‍්‍රදේශවලට කෘතිම වර්ෂා ඇති කර ජල විදුලිය විපදවීමට මෙයින් හැකියාව ලැබෙන බව ගුවන් හමුදාපතිවරයා එහිදී පැවසූ අතර රවී කරුණානායක මහතාගේ දුරදක්නා නුවන ඇගයීමටද අමතක කලේ නැත.