ගෝඨාගේ ජනපති අපේක්ෂක සිහිනය බොඳකල තිස්සනායගම්… තිස්සනායගම්ගෙන් ගෝඨාට කනේ පහරක්!

ගෝඨාගේ ජනපති අපේක්ෂක සිහිනය බොඳකල තිස්සනායගම්… තිස්සනායගම්ගෙන් ගෝඨාට කනේ පහරක්!
Spread the love

ගෝඨාගේ ජනපති අපේක්ෂක සිහිනය බොඳකල තිස්සනායගම්… කාටත් අමතක වු තිස්සනායගම්ගෙන් ගෝඨාට කනේ පහරක්!

2008 වසරේදි රාජපක්ෂලා විසින් වසර 20කට  සිරගත කර පසුව 2010 වසරේදි ඇමරිකානු ජනාධිපතිවරයාගේ ඉල්ලිම මත නිදහස් කල දමිළ මාධ්‍යවේදීයෙකු වන ජෙ.එස් තිස්සනායගම් (J. S. Tissainayagam)මේ වනවිට ඇමරිකාවෙ ජිවත් වන අතර ඔහු සම්බන්ධයෙන් හාන්කවිසියක් රාජපක්ෂලාට මෙන්ම සියල්ලන්ටම අමතක වි තිබිණී.

ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති විමේ සිහිනය බිද වැටිම පසුපස කාටත් අමතක වු කරුණක් මේ වනවිට අනවරණය කර ගැනිමට ලංකා ලීක්ස් ජාත්‍යන්තර දේශපාලන වාර්තාකරු සමත්ව තිබේ.

ගෝඨාභය රාජපක්ෂගේ හැසිරීම පිළිබඳව රනිල් වික්‍රමසිංහ විමසිල්ලෙන් පසුවු අතර ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ඉදිරියට ගෙන ඒමේ සැළස්ම 2016දි ආරම්භ වු අතර එම සැළැස්මේ ලොකුම භූමිකාව රඟ දක්වන්නේ දෙරණ හිමිකරු දිලිත් ජයවීර ය. 2016 වන විට රනිල් වික්‍රමසිංහ සමඟ සමීප ඇසුරක් පැවැත්වූ දිලිත් ජයවීර මේ සැළස්ස්මට අත තබන්නේම රනිල් වික්‍රමසිංහගේ අනුදැනුම මතය.

පැහැදිළිව ශ්‍රිලංනීපය දෙකට බෙදන බව දැන සිටි රනිල්ට එවන් අවස්ථාවේදි මෙම කොටස් විසින් ඉදිරිපත් කරන ජනපති අපේක්ෂකයා අර්බුදයට ලක් කිරීමේ අවශ්‍ය විය. මන්දයත් 2016 වසරේදීම කිසිවිටක ගෝඨාභය රාජපක්ෂගේ අමෙරිකානු පුරවැසිබව අහෝසි නොකරන බව අමෙරිකාව විසින් රනිල්ට දැනුම් දී තිබුණි.

ගෝඨාභය භීතියට පත්කල තිස්සනායගම්

2008 වසරේදි රාජපක්ෂලා විසින් වසර 20කට  සිරගත කර පසුව 2010 වසරේදි ඇමරිකානු ජනාධිපතිවරයාගේ ඉල්ලිම මත නිදහස් කල දමිළ මාධ්‍යවේදීයෙකු වන ජෙ.එස් තිස්සනායගම් (J. S. Tissainayagam)මේ වනවිට ඇමරිකාවෙ ජිවත් වන අතර ඔහු සම්බන්ධයෙන් හාන්කවිසියක් රාජපක්ෂලාට මෙන්ම සියල්ලන්ටම අමතක වි තිබිණී.

තිස්සනායගම් මේ වන විට අමෙරිකාවේ සිටින අතර ඔහු ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පවරනු ලැබු නඩුවක් මේ වනවිට විභාග වෙමින් පවතින අතර එම නිසා එම නඩුව අවසන් වන තෙක් ගෝඨාභය රාජපක්ෂ ගේ පුරවැසි බව අහෝසි නොකර සිටිමට අමෙරිකාව තීරණයකර තිබේ.

තිස්සනායගම් භාවිතා කරමින් ගෝඨාභයට එරෙහිව පවුරක් බැදිමේ මෙහෙයුම පසුපස විශාල කාර්යභාරයක් කරලු ලැබුවේ ලංකාවේ හිටපු තානාපති රොබෝට් ඕ බ්ලෙක් විසින් වන අතර නමුත් හිලරි ක්ලින්ටන් පරාජයට පත්විමත් සමග රනිල් බියට පත්ව සිටි අතර ඊට ප්‍රධානතම හේතුව වුයේ ගෝඨාභයගේ නඩුව වෙනස් විය හැකි බැවිනි.

රනිල්ගේ මේ බයට හේතුව වූයේ ට්‍රම්ප් පවුල සමඟ ඉතාම හිතවත් සම්බන්ධතාවයක් ලංකාවේ ධනවත් සූරූපී මෙන්ම කලාකරුවෙකුගේ භාර්‍යාවකද වන කාන්තාවක් විසින් ඇති කර ගෙන තිබිම වන අතර එම කාන්තාව පසුගිය රාජපක්ෂ යුගයේදි නිවාස සංකීර්ණ සකස් කිරීමට ගණුදෙණුවක් ඇති කර ගනීමේදි නාමල් රාජපක්ෂ සමඟ ගැටුම් කිහිපයක් පවා ඇති කර ගත් තැනැත්තියකි. එහිදි ගැටුමට හේතුව වූයේ ගෝඨාභය රාජපක්ෂට ලැබිය යුතු මුදල සම්බන්ධයෙන් වන අතර නාලක් ගොඩගේ වැනි අය සම්බන්ධවත් එම ගැටුම ඇති වි තිබුනි.

කෙසේවෙතත් පුරවැසිබව සම්බන්ධයෙන් අමෙරිකාවේ ස්ථාවරය වෙනස් නොවුනද එය වෙනස් කරවා ගැනීමට ගෝඨාභය රාජපක්ෂ විවිධ උත්සහ කල අතර එහි ප්‍රතිඵලයක් ලෙස ලැබෙන උපදෙස් පිට ගෝඨාභය රාජපක්ෂ සිංගප්පුරුවට ගොස් ඩොලර් 2500ක් ගෙවා පුරවැසි බව ඉවත් කර ගැනීමේ අයදුම්පත් අත්සන් කල බවත් එය ප්‍රතිකේෂ්ප වු ආකාරය පිළිබඳවවත් අප මීට පෙර අනාවරණය කලා.

කෙසේවෙතත් ජනාධිපති අපේක්ෂක ඇම 2017 වසරේ සිට ගෝඨාභය විසින් ගිල ගෙන ඇද ගෙන යනු ලබන අතර 2017 වසරෙන් පස්සෙ සිදු කරන වැඩ වලට තෑග්ග ලෙස දිලිත් ජයවීරට එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක වැඩසටහන ලැබෙන්නේ. මහින්දගේ කීම ද නොආසා වෙනම ගමනක් ගිය ගෝඨාභය දැන් වන විට ඇනගෙන අවසන් බව තහවුරුය.

පළාත් පාලන මැතිවරණයෙන් පසුව ඇණ ගෙන රනිල් වෙතට සේන්දු වූ විමල් වීරවංශට, උදය ගම්මන්පිලට ගෝඨා සමඟ එකතු වී වැඩ කරන ලෙස රනිල් ගෙන් උපදෙස් ලැබුණි.

මේ හේතුන් නිසා දැන් ඒකාබද්ධය පැහැදිළිව දෙදෙරා අවසාන ය. හෙට අනිද්ද වන විට ඒකාබද්ධයේ පිරිසක්ම එළියට බැසීමට නියමිත ය. ඒකාබද්ධයේ ඉන්න මන්ත්‍රිවරු බොහෝමයක් මේ වන විට විමල් වීරවංශ සමඟ සාකච්ඡා ආරම්භ කොට අවසන් වේ.

මේ බල අරගලය හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ද පවුලේ ද අභ්‍යන්තරයේ අර්බුද මතු වී කල්ලිවලට කැඩී යාමත් සමග එම දේශපාලන බලවේග මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනයෙන් ගිළිහී යමින් තිබීම මේ තත්ත්වයට හේතු වී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16-කණ්ඩායමේ එස් බී දිසානායක සහ දයාසිරි ජයසේකර යන මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් බැසිල් රාජපක්ෂ මහතාට දේශපාලනකිව ප්‍රහාර එල්ල කරමින් සිටින්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අනු දැනුම මත වන බවට මේ වන විට කරුණු හෙළිදරව් වී තිබෙන අතර එම සිද්ධිය මගින් ඔහුගේ මේ දේශපාලන උපක්‍රමය මානව තහවුරු වී තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ ඉහළ නායකයින් කිහිප දෙනකු සමග කර ඇති දේශපාලන සාකච්ඡාවලදී බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දී තිබෙන්නේ උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ එම පක්ෂයෙන් එල්ල කරන දේශපාලන ප්‍රහාරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16-කණ්ඩායමත් විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු ගෝඨාභය රාජපක්ෂ පාර්ශවයත් ඉලක්ක කර එල්ල කිරීම වැදගත් බවය.

එහිදි ප්‍රධාන වන්නේ බැසිල් විරෝධය වේ. ඊලඟට මැතිවරණයට මාස කිහිපයකට පෙර විමල් ඇතුළු පිරිස ඒකාබද්ධයෙන් ගැලවීමට බොහෝ දුරට ඉඩකඩ ඇත.