හැට දෙලක්ෂයක් ජනතාව ජන්දය දුන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහොසී කිරිමට.එම නිසා වර්තමාන ජනාධිපතිවරයා ජනතාවට දුන් එම පොරොන්දුව ඉෂ්ට කළ යුතුයි. වර්තමාන යහපාලන රජයත් රට තුල පවතින විවස්ථාවට අනුකූලව කෙටි මාර්ග වලින් නොයා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කටයුතු කළයුතු බවත් එසේ සිදු කරන්නේ නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මහින්ද රාජපක්ෂ මහතාගේ සහ පොහොට්ටුවේ සහයත් විවාදයකින් තොරව ලබා දෙන බව පැවසා ඇත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විධායක ජනාධිපති ක්‍රමය අහොසී කළ යුතු බවත් එසේ විධායක ජනාධිපති ක්‍රමය අහොසි කරන්නේ නම් තමන්ගේ සහයත් ලබාදෙන බව පවසා සිටියත් පොහොට්ටුව පක්ෂය ඇතුලේ විශාල ව්‍යාකූලත්වයක් පවතින බව මතුවී පෙනේ.
පොහ්ට්ටුවේ සිටින ප්‍රධානියකු ලෙස පෙනි සිටින විමල් වීරවංශ සහ පොහොට්ටුව සමග අත්වැල් බැදගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කල්ලියේද මතය වී තිබෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහොසි නොකළ යුතු බවයි.
එමෙන්ම විමල් වීරවංශ ඇතුළු 16 දෙනාගේ කල්ලිය මේ වන විට විධායක ජනාධිපති ක්‍රමය අහොසී කිරිමට එරෙහිව රට වටේ රැස්වීම් පවත්වමින් ඇති බවද වාර්තාවේ.
මහින්ද රාජපක්ෂ මහතාගේ මතය සහ එකාබද්ද යේ තම ගොලයන් අතර විශාල ගැටුමක් ඇති බවත් ඔවුන් එකිනෙකාට විරුද්ද මත දරන බවත් පොහොට්ටුව ඇතුලේ අර්බුදය උඩු දුවා ඇති බවත් මනාව පිළිබිඹුවේ.
මෙහිදි පෙනි යන ප්‍රධාන කරුන නම් රාජපක්ෂ පවුල තුලද ප්‍රශ්න ජාලාවක් මේ වන විට ඇති බවය.බල තන්හාව කොපමනද කීවොත් සහොදරයන් අතර ද මේ වන විට බල තන්හාව නිසාවෙන් සහොදර කම් පවා අමතකව ගොස් ඇති බවක් බැලූ බැල්මට පෙනේ.
පසුගියදා කුමාර වෙල්ගම මහතා තර්ජනාත්මකව “මහින්ද ඉන්නකන් අපි මහින්ද එක්ක ඉන්නවා” කියා කළ ප්‍රකාශයෙන්ද පෙනි යන්නේ එකාබද්දය තුල ගැටුම ඉතා උණුසුම් බවක් ය.තවද අපට හැගෙන්නේ නම් එම ප්‍රකාශ තුලින් එකාබද්දයේ 2020 අපෙක්ෂකයා තොරා ගැනිමත් මේ වන විට අවුල් සහගත තත්ත්වයකට පත්ව ඇති බවක් ය.වෙල්ගම මහතා දැඩිව පවසා සිටියත් ඔව්න් සතුව සුපිරු බඩු ඉන්නවා 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නට කියා,උපහාසයට කරුණ නම් කුමාර වෙල්ගම මහතාට අලි බබාගේ සහ හොරු 40ගේ බල දැන් බිදි ගොස් අවසන් බව තවමත් නොතේරීමයි.
රාජපක්ෂලාගේ බඩේ බිත්තර
රාජපක්ෂලාගේ බලය දැන් බිදි ගොස් ඇති නමුත්,ඔවුන් අවතාර මෙන් තවමත් සක්මන් කරමින් ඇත.සියයට සීයක්ම මේ සමාජයෙන් රාජපක්ෂ බිය දුරුම වී ගොස් නැති බව ගොඨාගේ හැසිරිම ගැන කියන්නේ ඔහුගේම න්‍යායාචාර්ය ලෙස කටයුතු කළ ආචාර්ය දයාන් ජයතිලක විසිනි ඔහු වැඩිදුරටත් මව්බිම පුවත්පතට කියා ඇත්තේ “ගොඨා ආවොත් රටම ආපසු රතු පස් වලක් වන බවයි”.
තවද මහින්ද මාධ්‍යවේදීන් අසන ප්‍රශ්න වලට පිළිතුරු දීමේදි මාධ්‍යවේදීන්ට දක්වන තර්ජන අනුවය.කවදා හෝ යළි බලයට පැමිණියහොත් පළිගැනිම චෙතනාව රාජපක්ෂලාගේ පපු කැහුත්තේ නිදන්ව ඇති බව දැන් දැන් මතු වෙමින් පවතී.ජනතාව ඉදිරියේ රාජපක්ෂලා කරන්නේ අපුරු රංගනයකී,රටේ ජනතාව ගොනාට ඇන්දවීමකි.රාජපක්ෂලා වැඩ කරන්නෙ බඩේ බිත්තර තබාගෙන ය.

