බැසිල් රාජපක්ෂ මහතා ඉතා දක්ෂයෙක් බවත් ඔහු නිසා අද තමන් ඇතුළු මන්ත්‍රීවරුනට අද කොන්ද කෙළින් තියාගෙන සිටිය හැකි තත්වයක් ඇතිව තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
තමන්ගේ මතය නම් බැසිල් රාජපක්ෂ මහතා ඉතා මහන්සි වී පක්ෂයක් ගොඩ නගා මේ අද තිබෙන ජයග්‍රහණය ලබාගත් බව යැයිද මන්ත්‍රීවරයා සඳහන් කරයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ගේ ඥාතියෙක් වන බවත් ඔහු සමග කිසිදු අමනාපයක් අකමැත්තක් නැති බවත් ඔහු සඳහන් කළේය.

