පොහොට්ටුවේ ආනාගත ජනාධිපති අපේක්ෂකයා රටෙන් පැනල ගිහිල්ල තියෙන්නෙ මිග් යානා ගනුදෙනුවේදී සිදු කළ දූෂණ වංචාවෙලට අත්අඩංගුවට ගනී කියල ඇති බය වෙලා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඊයේ(31) කඩවත කිරිල්ලවල ප්‍රදේශයේ පැවති රැලියකදී කියා සිටියේය.
“රටේ ප්‍රධාන පෙලේ පුවත්පත් කතුවරයෙකු ප්‍රථම වරට ඝාතනය කළේ රාජපක්ෂ යුගයේදීයි. ඒ ලසන්ත වික්‍රමතුංග මහතායි. හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් සිදු කළ මිග් යානා ගනුදෙනුව පිළිබඳ මාධ්‍යයේ ලිපි පළකිරීම එම ඝාතනයට හේතු වී තිබෙනවා.එය රණවිරු ගැහිල්ලක්. අද මෙම රණවිරුවා රටෙත් නැහැ. ඇමෙරිකාවට පැනලා ඉන්නේ. පොහොට්ටුවේ අනාගත ජනාධිපති අපේක්ෂකයා ඔහුයි. රටේ නැති අනාගත ජනාධිපති අපේක්ෂකයා ලංකාවට එන්නේ දොළොස්වනදායි. ඒ මැතිවරණය අවසන් වූ පසුවයි. අත්අඩංගුවට ගනියි කියලා තමයි රටෙන් පැනලා ඉන්නේ. නමුත් එම රණවිරු ගෝඨාභය අත්අඩගුවට ගැනීමට මේ වනවිට සියල්ල සූදානම්. චෝදනා ඔප්පු වී තිබෙනවා. ඉදිරිකාලයේදී ඔහු හිරේ විලංගුවේ වැටෙනවා. මිග් යානා ගනුදෙනුවෙන් හොරකම් කළ මුදල හොංකොං බැංකුවල තැන්පත් කර තිබෙනවා. එම මුදල් ඉන්දීය ජාතිකයන් පස්දෙනෙකු විසින් තැන්පත් කර තිබෙනවා” යැයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

