ගෝඨාභය හමුදා සෙබළුන්ගේ ශ්‍රමයෙන් ඉදිකරවාගත් කතරගම සුපිරි මන්දිරය විඩිය‌ෝව මෙන්න..

ගෝඨාභය හමුදා සෙබළුන්ගේ ශ්‍රමයෙන් ඉදිකරවාගත් කතරගම සුපිරි මන්දිරය විඩිය‌ෝව මෙන්න..
Spread the love
අප මේ කියන්නට යන්නේ රාජපක්ෂලා විසින් අනීතික ලෙස හෝ මහජන මුදල් භාවිතා කර හෝ දේශපාලන බලය භාවිතා කර හෝ අත්පත් කරගත් දේපල සමූහයට අයත් තවත් එක් සුපිරි නිවසක් සම්බන්ධයෙනි.

මෙහි සඳහන් ජල බිල්පතේ ලිපිනය ලෙස දැක්වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ, වනරාජ පෙදෙස, ඩිපෝව පාර, කතරගම ලෙසයි. අප දන්නා එකම ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂයි. ඒ අනුව මෙම බිල්පතට අදාල නිවස ඔහුගේ බවට සැකයක් නොමැත.

අදාල නිවස පිහිටා ඇත්තේ කතරගම යුද හමුදා සර්කිට් බංගලාවට අල්ලපු ඉඩමේය. අපවෙත වාර්තා වන පරිදි මෙම සුපිරි නිවස ඉදිරිකර ඇත්තේ යුද හමුදා සෙබළුන්ගේ ශ්‍රමය භාවිතා කරමිනි.
හිටපු ආරක්ෂක ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා මේ දිනවල රාජ්‍ය අංශයේ සිදුවන දූෂණය, වංචාව, නාස්තිය අවම කරගන්නේ කෙසේද ඒ හරහා ආර්ථිකය දියුණු කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් මහා දේශන පවත්වමින් රටපුරා යයි. අපට අසන්නට ඇත්තේ ගෝඨාභගේ මොළයට එන මේ රත්තරං අදහස් එදා ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී නොආවේ මන්දැ’යි කියාය. එසේ වූවා නම් මේ වනවිට ලංකාව සුරපුරයක් වනු ඇත. එදා රාජපක්ෂලා දූෂණ-වංචා හරහා උපයා ගත් මුදල් අනුව එම දූෂණ-වංචා සිදු නොවූවා නම් සුරපුරයක් වනවා නො අනුමානය.
අද දූෂණ විරෝධියෙකු වී සිටින ගෝඨාභයලා හමුදා නිළධාරීන් සහ සෙබළුන්ගෙන් වහලුන්ගෙන් මෙන් වැඩ ගත් අතර මෙම සුපිරි මන්දිරය එයට හොඳම සාක්ෂියකි. එසේ නැතහොත් යුද හමුදාව රජයට අයත් නොවන්නේදැ’යි දූෂණ විරෝධී ගෝඨාභය දැන් රටට හමුවේ පැහැදිලි කළ යුතුය.
ගෝඨාභය රාජපක්ෂ වියත් මග ගොඩනගාගෙන ඇත්තේ වියතේ දුර පිළිබඳව සැලකිල්ලට ගෙන වියයුතුය. ඕනෑම බොරුවක් දෙසා බා ජනතාව රවටා තමන්ගේ දූෂණ-වංචා, අපරාධ සඟවා ගතහැකි යැයි රාජපක්ෂලා සිතා සිටින්නේ එබැවිනි.
නන්දසේන මහතාණෙනි, මෙවැනි තවත් මන්දිර තිබේ නම් අපි රටට කියන්න කලින් ඒ පිළිබඳව අනාවරණය කරන්න…
gota 9
gota 4