හිටපු ආරක්‍ෂක ලේකම්වරයකු වන ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත්දෙනකුට ලබන 10 වැනිදා ස්ථිර ති‍්‍රපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි යැවීමට විශේෂ ති‍්‍රපුද්ගල විනිසුරු මඬුල්ල ඊයේ (27) නියෝග කළේය.
තංගල්ල වීරකැටිය මැදමුලන ඞී. ඒ. රාජපක්‍ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් අවභාවිත කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ නඩුවක් සලකා බැලූ විනිසුරු මඬුල්ල එම නියෝගය කළේය. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වා ඉදිරිපත් කළ වාර්තාවක් සලකා බැලූ නීතිපතිවරයා අගවිනිසුරුවරයාගේ අනුමැතිය ඇතිව ස්ථිර ති‍්‍රපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී එම නඩුව පවරා තිබුණි.
තංගල්ල වීරකැටිය මැදමුලන ඩී. ඒ. රාජපක්‍ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් අවභාවිත කළේ යෑයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ නඩුවක් සලකා බැලූ විනිසුරු මඬුල්ල එම නියෝගය කළේය. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වා ඉදිරිපත් කළ වාර්තාවක් සලකා බැලූ නීතිපතිවරයා අගවිනිසුරුවරයාගේ අනුමැතිය ඇතිව ස්‌ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී එම නඩුව පවරා තිබුණි.
හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්‌ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රසාද් හර්ෂාන් ද සිල්වා, එම සංස්‌ථාවේ හිටපු සාමාන්‍යාධිකාරි භද්‍රd උදුලාවතී කමලදාස ඇතුළු හත් දෙනකු එම නඩුවේ විත්තිකරුවන් ලෙස නම්කොට තිබුණි.