මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කොමිසමේ වාර්තාවෙන් හෙලිව ඇති කරුණු සැලකිල්ලට ගෙන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් තීරණය කර ඇති අතර ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පෙර දිනකදී මෙම විශ්වාස භංගය විවාදයට ගෙන එමගින් අගමැතිවරයා ධුරයෙන් ඉවත් කිරිමට එවුන් සැලසුම් කර ඇත.