ඡන්දෙන් පස්සේ මැතිවරණ කොමිසම විශාල අර්බුදයක – ඇතුලාන්තය මෙන්න

ඡන්දෙන් පස්සේ මැතිවරණ කොමිසම විශාල අර්බුදයක – ඇතුලාන්තය මෙන්න
Spread the love

පළාත් පාලන මැතිවරණයට තරග කළ දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල නියෝජිතයන් සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් ඊයේ (14) පැවැත්වුණා.

පළාත් පාලන ආයතනවලට තේරී පත්වූ සභිකයින්ගේ නම් ගැසට් කිරිම තවදුරටත් පමා වීම සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුව ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

පළාත් පාලන ආයතනවලට ලැයිස්තුවෙන් පත් කළ යුතු සභිකයින්ගේ නම් දේශපාලන පක්ෂ හා ස්වාධින කණ්ඩායම් විසින් තවමත් ලබා දී නොතිබීම මෙම පමාවට එක් හේතුවක් බව මැතිවරණ කොමිසම ප‍්‍රකාශ කර තිබෙනවා.

පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය සියයට 25ක් තහවුරු කිරීමද අසීරු වී ඇති  බවයි එහිදී වැඩිදුරටත් සාකච්ඡා වී තිබෙන්නේ.

ඇතැම් පළාත් පාලන ආයතනවල වැඩි සභිකධුර සංඛ්‍යාවක් හිිමිකර ගත් කණ්ඩායම ඔවුන්ට හිමි සියලූ සභිකධූර හිමිකර ගෙන ඇත්තේ කොට්ඨාශ ජය ගැනීමෙන්.

ඔවුන්ට ලැයිස්තුවෙන් මන්තී‍්‍රධූර කිසිවක් හිමිවී නැහැ. ඒ අනුව එවැනි පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය සියයට 25ක් තහවුරු කිරීමේදී දෙවැනි සහ තුන්වෙනි වැඩිම සභිකධූර ලාභීනිට වැඩි කැප කිරීමක් සිදු කිරීමට වනු ඇතැයි මැතිවරණ කොමිසම පෙන්වා දී තිබෙනවා.