ජනතා සහ පාක්ෂික විරෝධය හේතුවෙන් අගමැතිවරයා සිය ධූරයෙන් සමුගැනීමේ තීරණයක….

ජනතා සහ පාක්ෂික විරෝධය හේතුවෙන් අගමැතිවරයා සිය ධූරයෙන් සමුගැනීමේ තීරණයක….
Spread the love
ජනතාවගෙන් එල්ලවූ දැඩි විරෝධය හේතුවෙන් ආර්මේනියාවේ අගමැතිවරයා ඉල්ලා අස්වී තිබේ.
ඒ සමඟ වැඩ බලන අගමැති ලෙස හිටපු අගමැතිවරයා පත් කර ඇති බව සඳහන් වෙයි.
2008 වසරේ සිට ආර්මේනියාවේ ජනපතිධුරයේ කටයුතු කල සර්ෂ් සාග්සයන් එරට අගමැති ධුරයේ වැඩ භාරගත්තේ පසුගිය 17 වනදායි.
වසර පහ බැගින් ධුර කාල දෙකක් ඔහු ජනපති ධුරයේ කටයුතු කර තිබේ.
අගමැති ධුරයට පත්වීමත් සමඟ බලයට දැඩි ලෝභීත්වයක් දක්වන්නෙකු බවට විරුද්ධ පාක්ෂිකයින් ඔහුට චෝදනා එල්ල කළේය.
දින ගණනාවක් සිට සාග්සයන්ට එරෙහිව දැවැන්ත විරෝධතා පැවැත්වුණු අතර ඒ සඳහා දහස් සංඛ්‍යාත පිරිස් සහභාගිවී සිටි ආකාරයද දක්නට ලැබුණි.
මෙවන් පසුබිමක් යටතේ අගමැතිවරයා ඉල්ලා අස්වීමට තීරණය කළේ තමා විරෝධතාකරුවන්ගේ ඉල්ලීම ඉටු කළ බව පවසමින් ය.