ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව සිය වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව දුම්රිය වෘත්තිය සමිති පවසයි.
දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ කියා සිටියේ තම ගැටළුවලට විසඳුම් ලබාදෙන බවට ජනාධිපතිවරයා ලබාදුන් පොරොන්දුව හේතුවෙන් වර්ජනය අත්හිටවූ බවයි.

