පසුගිය ජනාධිපතිවරණ සමයේදී “කේම්බ්‍රිජ් ඇනලෙටික්” නම් බ්‍රිතාන්‍ය සමාගමක් විසින් ෆේස්බුක් ගිණුම් මිලියන 50 ක දත්ත අනවසරයෙන් පරිශීලනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් පළමු වරට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
“මම ෆේස්බුක් ආරම්භ කළා. දවස අවසානයේදී අපගේ වේදිකාව මත සිදු වන දේ වලට අපියි වගකිව යුත්තේ. අපගේ ප්‍රජාව ආරක්ෂා කිරීම සඳහා ගත යුතු දේ කිරීම ගැන මම බැරෑරුම්”. ෆේස්බුක් ගිණුම් හිමියන්ගේ දත්ත ආරක්ෂා කිරීම සදහා නව ක්‍රියා මාර්ග කිහිපයක්ම ගන්නා බවට ඔහු මෙහිදී සදහන් කර සිටිනවා.
” ශුභාරංචිය අද සිට නැවත සිදුවීම වළක්වා ගැනීම සඳහා වඩාත් වැදගත් ක්‍රියාමාර්ග අපි මීට වසර ගණනාවකට පෙර ගෙන තිබුනා. නමුත් අපිත් වැරැද්දක් කළා. ඒ වෙනුවෙන් තවත් බොහෝ දේ කරන්නට තිබෙනවා. අපි ඒ සඳහා පියවර ගනිමින් සිටිනවා ” යැයි ෆේස්බුක් නිර්මාතෘවරය සිය නිවේදනයේ වැඩිදුරටත් සදහන් කර සිටිනවා.
මාර්ක් සකර්බර්ග් සිය නිළ ෆේස්බුක් ගිණුමේ තබා තිබු සම්පුර්ණ නිවේදනය මෙතනින් :