ජනපති – අගමැති ශෂින්ද්‍රට දෙහි කපලා

ජනපති – අගමැති ශෂින්ද්‍රට දෙහි කපලා
Spread the love

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර තිබෙන විරසකය මේ වන විට හැම තැනම පත්තු වෙමින් තිබෙනවා. ඒ අතර මොනරාගල ප්‍රධානයි. රාජපක්ෂ පවුලේ තවත් ප්‍රබලයෙක් වන ශෂින්ද්‍ර රාජපක්ෂ මොනරාගලින් තරගයට පිවිස ඇති නිසා චමල් ඇතුළු රාජපක්ෂ පවුල සහ ඔවුන්ගේ හිතවතුන් මොනරාගල පීරමින් මනාව සොයමින් සිටිනවා.

මේ අතර ශෂින්ද්‍ර රාජපක්ෂ කළ ආන්දෝලනාත්මක ප්‍රකාශ දෙකක් නිසා ඔහුව මහින්ද රාජපක්ෂගේ සහ ගෝඨාභය රාජපක්ෂගේ දෝෂාරෛා්පණයට ලක් වුණා.

ජනපති – අගමැතිගේ දෝෂාරෝපණයට ශෂින්ද්‍ර ලක් වුණේ ඔහු පසුගිය දා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් නිසා. ‘ඇතැමුන් වේදිකා ගානේ හඬා වැටෙන බවත් හෙට අනිද්දාම පොළොන්නරුවෙන් මහ එකාද හඬා වැටෙනු ඇති බවත් ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා කලින් ජනහමුවක් අමතමින් පැවසුවා‘

‍මේ අතර ඊයේ පැවැති ජන හමුවකදී ශෂින්ද්‍ර රාජපක්ෂ කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා කතා කර තමන්ට දෝෂාරෝපණය කළ බවයි.

මැතිවරණ වේදිකාවක දී කළ කතාවක් සම්බන්ධයෙන් තමන්ට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දොස් පැවරූ බව පැවසූ ශෂින්ද්‍ර රාජපක්ෂ කියා සිටියේ එනිසා තමන් එම කලින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව ඉල්ලන බවයි.