ජනපති නියමයෙන් වකුගඩු රෝගීන්ට දෙන මාසික දීමනාව රු.2000න් ඉහළට…

Spread the love

වකුගඩු රෝගීන් සඳහා රජයෙන් ලබාදෙන මාසික දීමනාව ඉහළ නැංවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී තිබේ.

දැනට ලබාදෙන රුපියල් 3000ක් වන මාසික දීමනාව රුපියල් දෙදහසකින් ඉහළ නැංවීමට ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ඒ අනුව වකුගඩු රෝගියෙකු සඳහා රජය මගින් ලබාදෙන මාසික දීමනාව රුපියල් 5000ක් ලෙස ඉහළ නැංවෙනු ඇත.

වකුගඩු රෝගයෙන් පෙළෙන අඩු ආදායම් ලාභී පවුල්වල පුද්ගලයින් 20,000කට පමණ මේ වන විට රජය මගින් මෙම දීමනාව ලබාදෙන බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් කියා සිටියි.

[rns_reactions]