අතිගරු ජනාධිපතිතුමාගේ නියෝගය පරිදි ඉතා මිල අධික පිළිකා ඖෂධ වැනි ඖෂධ වර්ග රැසක මිල ලබන ජුලි මාසයේ දී අඩු කිරිමට පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසනවා. එහි ප්‍රථම අදියර යටතේ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 මිල අඩු කිරිමට මීට පෙර පියවර ගනු ලැබු අතර දෙවන අදියර යටතේ මිල අධික ඖෂධ වල මිල අඩු කිරීමට ජනාධිපතිතුමාගේ නියෝගය අනුව තමන් කටයුතු කළ බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.
ඖෂධ මිල අඩු කිරීමෙන් පසු පෞද්ගලික රෝහල් වල මිල ගණන් සංශෝධනය කිරිමට සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය සේවා තුලින් වැට් බදු ඉවත් කිරිම නිසා ගැටලු රැසක් විසදුන බව පෙන්වා දෙන සෞඛ්‍ය අමාත්‍යවරයා එම නිසා රෝහල් මිල නියාමනය කිරීමට තමන් තීරණය කළ බව ප්‍රකාශ කළා.
පිළිකා ඖෂධ සදහා තිබූ මාෆියාව නතර කිරිමට රජයට හැකි වූ බවත්, රුසියාවෙන් ආනයනය කළ පිළිකා එන්නතෙන් රෝගීන්ට සංකූලතා මෙතෙක් ඇති වූබවට වාර්තා වී නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
එම එන්නත හදුන්වා දුන් පසු මාධ්‍ය මගින් විශාල විරෝධයක් ඇති කරන ලදි. නමුත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය මත මෙම රුසියානු එන්නත ශ්‍රී ලංකාවට ආනයනය කළ බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරනවා.