මේ දිනවල තරු ගණන් කරමින් සිටින රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඇතුළු එජාපයට පෙබරවාරි 11 වැනිදා එළිවෙනකොට තරු පෙනීමට සලස්වන බව වරාය නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි. පෙරේදා (1දා) ගාල්ලේ පැවැති ජන හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවැසීය.
කට්ටිය හිතන් ඉන්නවා මේක ආණ්ඩුව පෙරළන මැතිවරණයක් කියලා. මේකෙන් පෙරළෙන ආණ්ඩුවකුත් නෑ, වෙනස් වන දේශපාලනයකුත් නෑ. මේකෙන් අන්තිමට වෙන්නේ ගම හදන කණ්ඩායමක් ශ්‍රී ලනිපයෙන් බිහිකිරීම බව විශ්වාසයෙන් කියනවා.
2018 වර්ෂය රටට සුබදායි වර්ෂයක් වෙද්දී අපි 2018 වර්ෂය ලබන්නේ මැතිවරණ සටනක උපරිම ජයග්‍රහණය පෙනි පෙනී. අපි තනි රේස් එකක් දුවලා ජයගන්නවා. හිටපු ජනපතිතුමා කියනවා මේක ජනමත විචාරණයක් කියලා. නමුත් මේක ජනමත විචාරණයක් වුවත් නැතත් මේකෙන් ජයගන්නේ ශ්‍රී ලනිපයයි.
අපිට ගමට වැඩ කරන්න මන්ත්‍රිවරුන් අවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් මේ ඡන්දෙන් පස්සේ එනවා.
රනිල් වික්‍රමසිංහ මහත්මයා එක්ක කට්ටියක් ලෑස්ති වෙනවා එජාපයේ හයිය බලන්න. පෙබරවාරි 11 වැනිදා පාන්දර වන විට එජාපයේ රනිල් වික්‍රමසිංහ මහත්මයාට තරු පෙනෙනවා. සමහර පසුපෙළ මන්ත්‍රිවරු කියනවා එජාප ආණ්ඩු හදනවා කියලා. මේ මැතිවරණයේ ජනතා මතය තුළ ශ්‍රී ලනිපයේ තනි ආණ්ඩුවක් අපි හදනවා. ඒක එජාපයට බෑ. අපි 2020දී ඒ තනි ආණ්ඩුව හදනවා. ඒක ශ්‍රී ලනිප ආණ්ඩුවක්.
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ලබන අවුරුදු දෙක ඇතුළත හොරු යන්න ඕන තැන්වලට යාවි. ඒකේ වගකීම අපේ ජනාධිපතිවරයා සිදුකරන බව වගකීමෙන් කියනවා. 2018 වර්ෂය හොරු අල්ලන වර්ෂයක්. අද සිට පොලිතින් තහනම් වගේම අද සිට හොරකම වංචාව දූෂණයත් තහනම් කරන ලෙස අපි ඉල්ලා සිටිනවා.

