ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එකම පුත්‍ර රත්නය වන දහම් සිරිසේන මහතාගේ විවාහ මංගල උත්සවය කොළඹ හිල්ටන් හෝටලයේ දී හෙට(09) දිනයේ පැවැත්වෙයි.
කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේ දී මෙම විවාහ මංගල උත්සවය පැවැත්වීමට නියමිතව තිබුණ ද පාස්කු ඉරිදා දිනයේ එම හෝටලයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මේ වනවිටත් හෝටලය වසා දමා ඇති නිසා විවාහ උත්සවය හිල්ටන් හෝටලය වෙත මාරු කර තිබේ.
ප්‍රසිද්ධ ව්‍යාපාරික අතුරලිය වීරරත්න මහතාගේ දියණිය වන නිපුනි වීරරත්න සමඟ දහම් සිරිසේන මහතා විවාහ වීමට නියමිතය.
හිල්ටන් හෝටලය හා ආසන්න කොළඹ ප‍්‍රදේශයන්ට මේ වන විටත් දැඩි ආරක්‍ෂාවක් යොදවා ඇත.
නොසිතූ මොහොතක එල්ල වූ රටම කම්පා කළ පාස්කු ප්‍රහාරයත් සමඟ මුළු රටේම ජනතාව තිගැස්සුනු අතර එම නිසා පෙර සැලසුම් කළ උත්සව ගණනාවක් අවලංගු කළහ.
මෙම වසරේ ඉදිරි කාලයේදී නැකැත් සම්බන්දයෙන් ප‍්‍ර‍්‍රශ්නයක් ඇති නිසා යොදාගත් නැකැත් වේලාවන්වලදීම විවාහය ඉතා චාම්ව සිදු කිරීමට ඔවුන් තීරණය කර ඇතැයි වාර්තාවේ.