ලන්ඩන් නුවරදී පැවැත්වෙන 2018 පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුථව සදහා සහභාගීවීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ දිනවල සිටින්නේ මහා බ්‍රිතාන්‍යයේය.
පොදු රාජ්‍ය මණ්ඩලීය 25 වන රාජ්‍ය නායක සමුථවේ සමාරම්භක අවස්ථාව බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසඛෙත් මහ රැජිණගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ බකිංහැම් මාලිගාවේ දී අභිමානවත් අයුරින් පැවැත්වූණු අතර, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද එම අවස්ථාවට එක්විය.
පොදු රාජ්‍ය මණ්ඩල විධායක සභාව පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුථවට සමගාමීව අද පස්වරුවේ ලන්ඩන් නුවර ලැන්කැස්ටර් හවුස් හිදී ආරම්භ කෙරිණි.පොදු රාජ්‍ය මණ්ඩලයීය විධායක සභාවට සහභාගීවීම සදහා පැමිණි ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව පිළිගත්තේ බ්‍රිතාන්‍ය අගමැතිණි තෙරේසා මේ මැතිණිය විසිනි.ලොව රටවල් රැසක ප්‍රබල රාජ්‍ය නායකයින් රැසක් මෙම විධායක සභාව නියෝජනය කරනු ලබයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මෙලෙස පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ කටයුතු සදහා සහභාගී වන මොහොතේදී ලන්ඩනයේ දෙමල කොටි හිතවාදී ඩයස් පෝරා සංවිධාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව විරෝධතා දක්වමින් ඇත.කෙසේ නමුත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ සියලු කටයුතු සදහා කිසිදු බාධාවකින් තොරව සහබාගි විය.දෙමල කොටි හිතවාදී ඩයස් පෝරා එහිදී විරෝධතාවයේදී කියා සිටියේ යුද්ධයේ අවසාන සතියේ වැඩ බලන ආරක්ෂක ආමාත්‍යවරයා වුයේ වත්මන් ජනපති බවය.එම නිසා වත්මන් ජනාධිපතිවරයාට එරෙහිව මෙම ඩයස් පෝරා විසින් විරෝධතාවය සංවිධානය කර ඇත.
මිට මාස කිහිපයට පෙර ලන්ඩනයේ දෙමල කොටි හිතවාදී ඩයස් පෝරා සංවිධාන විවිස්න් සංවිධානය කල විරෝධතාවයේදී කාගේත් කතා බහට ලක්වූ බ්‍රිගේඩියර්වරයාගේ සිදුවීමේදී ඒ සදහා මැදිහත් වෙමින් බ්‍රිගේඩියර් ප්‍රියංකර මහතාට දුරකථන ඇමතුමක් ලබා දෙමින් ඔහු ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පවසා සිටියේය

