ජනපති මෛත්‍රි ජයගනිද්දි පා.ම මහින්ද පරාජය වෙයි – කොල්ලකෑ සෝමාලියා නෙෘකාව මුදාගනි

Spread the love

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග‍්‍රහණයට ගෙන තිබූ ඒරීස් 13 නෞකාව සහ එහි කාර්ය මණ්ඩලය මුදාහැර තිබෙන බව අපට වාර්තා වේ. නෞකාවේ කාර්ය මණ්ඩල නිලධාරී දිලීප නිශාන් රණවීර සදහන් කළේ තමන් ඇතුළු කණ්ඩායම නිරුපද්‍රිතව මුදාගැනීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය ගත් උත්සාහ සම්බන්ධයෙන් ස්තුතිවන්ත වන බවයි.

මේ අතර මුහුදු කොල්ලකරුවන් සහ සෝමාලියානු ආරක්‍ෂක අංශ අතර ඊයේ පස්වරුවේ අවස්ථා කිහිපයකදී වෙඩි හුවමාරු සිදුවු අතර නෞකාව වෙත වෙඩි ප‍්‍රහාර එල්ල කිරීමෙන් වළකින්නැයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාද සෝමාලියානු රජය හරහා එරට ආරක්‍ෂක අංශ වෙත දැනුම්දීමක් සිදුකර තිබුණා.

ජනාධිපතිවරයාගේ දැනුම්දීමෙන් පසු සෝමාලියානු ආරක්‍ෂක අංශ තමන් රැදී සිටි නෞකාව වෙත වෙඩි ප‍්‍රහාර එල්ල කිරීම නතර කළ බවයි කාර්ය මණ්ඩල නිලධාරී දිලීප නිශාන් රණවීර සදහන් කළේ. මේ අතර තම පාලන කාලයේ මෙවැනි සිදුවිම් වලදි කිසිවක් නොකර ප්‍රරසාරම් දොඩමින් සිටිමින් අවසානයේ මාධ්‍ය මගින් එකල විපක්ෂයට එහි චෝදනාවද යොමුකල මහින්ද රාජපක්ෂගේ දේශපාලණ පරාජයක් ලෙස මෙම සිදුවිම දැක්විය හැකි බව දේශපාලණ විශ්ලේෂකයෝ පවසයි..