පවතින අලි වැට වලට අමතරව දිවයින පුරා අලූතින් ඉදිකළයුතු කි.මි 2500 ක් වන අලි වැට ඉදිකිරීම් ක‍්‍රමවත් වැඩපිළිවෙළක් ඔස්සේ කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබෙනවා.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ අලි වැට නඩත්තු කටයුතු පිළිබඳ ඊයේ (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ජාකදී.
අලි මිනිස් ගැටුම වළක්වා ගැනීමේදී අලි වැට නිසි පරිදි නඩත්තු කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිතුමා අඩුපාඩු සහිත සහ අකි‍්‍රය වී ඇති විදුලිවැට කඩිනමින් ප‍්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද පැහැදිළි කළේය.
අලි වැට නඩත්තු කටයුතු වෙනුවෙන් සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයින් 1860 ක් මේ වන විට යොදවා තිබෙන අතර, දිවයින පුරා පවතින අලි වැට කි.මි හාරදහසක් පමණ වන ප‍්‍රමාණය වෙනුවෙන් එම පිරිස ප‍්‍රමාණවත් නොවන බව ද මෙහිදී පෙන්වා දෙන ලදී.
ඒ අනුව ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දුන්නේ එම පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කිරීමට පියවර ගන්නා ලෙසයි.
එම සේවාවේ යොදවා ඇති සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයින් වෙනුවෙන් ආහාර වියදම් සඳහා දිනකට ලබාදෙන දීමනාව අඛණ්ඩව ඉදිරියට ලබාදීමට උපදෙස් දුන් ජනාධිපතිතුමා, ඔවුන් වෙනුවෙන් පුහුණු වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන්නා.
තිරසර සංවර්ධන, වනජීවි සහ ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා, තිරසර සංවර්ධන වනජීවි සහ ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඒ.පී.ජී. කිත්සිරි, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කපිල වෛද්‍යරත්න යන මහත්වරුන් ද ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා ඇතු`ථ ආරක්ෂක අංශ ප‍්‍රධානීන් මෙම හමුවට එක්ව සිටියා.