ජනපති මෛත්‍රි ලබන මස බංග්ලාදේශයට……

Spread the love
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන මාසයේ බංග්ලාදේශයේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.
බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරන්නේ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ ආරාධනයකට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම සංචාරයේ නිරත වීමට නියමිත බවයි.
ජුලි මස 13 වන දින සිට 16 වන දින දක්වා දින 4ක කාලයක් ජනාධිපතිවරයා බංග්ලාදේශයේ රැදී සිටීමට නියමිතයි.
මේ අතර ආපදාවෙන් විපතට පත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් අමෙරිකානු ඩොලර් ලක්ෂ පහක් ආධාර වශයෙන් ලබාදීමට ද බංග්ලාදේශ රජය තීරණය කර තිබේ.
බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා විසින් අදාළ මූල්‍යාධාරය ලබාදීමට ඊයේ(05) දිනයේ තීරණය කර ඇති බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.
බංග්ලාදේශ මහකොමසාරිස් රියාස් හමිදුල්ලා විසින් අදාළ ආධාර මුදල ඉදිරියේ දී කඩිනමින් ශ්‍රී ලංකා රජයට ලබාදීමට නියමිතයි.
මේ අතර ආපදාවලින් විපතට පත් ජනතාවට සහන සැලසීම සදහා අවශ්‍ය අරමුදල් රැස් කර ගැනීමට ජාත්‍යන්තර සමුළුවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ විදෙස් රටවල් රැසක් මේ වන විටත් ශ්‍රී ලංකාවට ආධාර කිරීමට කැමැත්ත පල කර සිටින බවයි.
හදිසි ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම පිළිබදව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේය.
[rns_reactions]