ජනපති මෛත්‍රීගේ රාජාසන කතාව පිළිබද ජනමතය දිගහැරෙන මහජන සංවාද මණ්ඩපයක් 11වැනිදා…

ජනපති මෛත්‍රීගේ රාජාසන කතාව පිළිබද ජනමතය දිගහැරෙන මහජන සංවාද මණ්ඩපයක් 11වැනිදා…
Spread the love

අතිගරු ජනාධිපතිතුමන් මැතිසභය හමුවේ පසුගිය දිනෙක සිදුකරන ලද රාජාසන කතාවේ අඩංගු වූ රජයේ සංවර්ධන ප්‍රතිපත්ති ප්‍රකාශය සහ රාජ්‍ය කරණයේ දැක්ම පිලිබදව පුළුල් මහජන සංවාදයක් 2018.05.11 වන දින සවස 3ට කොලබ 07 නිදහස් මාවතේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති අතර සමාජයේ විවිධ පැතිකඩ නිරුපනය කරන වෘත්තිකයන් ඇතුළු විද්වතුන් රැසක් මේ සදහා සහභාගී වීමට නියමිත බවද අපට වාර්තා වේ…

ප්‍රධාන සාකච්චා සභාව මෙහෙයවීම……

  1. නීතිවේදී ශිරාල් ලක්තිලක මහතා.
  2. සේන සුරියප්පෙරුම මහතා
  3. චමීර පෙරේරා මහතා
  4. නිර්මාල් රන්ජිත් දේවසිරි මහතා
  5. ධර්මසිරි බණ්ඩාරනායක මහතා 

මේ සදහා සහභාගී වන්නට ඔබ සැමට ආරාධනා…