ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසිකර එහි සිසුන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය හෙවත් ස්ලිට් ආයතනයට අනුයුක්ත කර ඔවුන්ට වෛද්‍ය අධ්‍යාපන ලැබීමට අවස්ථාව හිමිකර දෙනබව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදයක් නිකුත් කරමින් සඳහන් කළේය.
සයිටම් ගැටළුව සඳහා වන රජයේ යෝජනා නිවේදන්‍ය කරමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිකුත් කර ඇති නිවේදනයේ ඒ බව සඳහන් වේ. ස්ලිට් ආයතනය අලුතින් ප්‍රමිතිගත ආයතන දෙකක් ආරම්භ කරන අතර ඉන් එක් ආයතනයක් සයිටම් සිසුන්ගේ වෛද්‍ය අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කෙරෙන අතර සයිටම් අවසාන ශිෂ්‍ය කණ්ඩායම අධ්‍යාපන කටයුතු නිමකළ පසුව එම ආයතනය වසා දැමීමට නියමිත බව සඳහන් ය.
මීට අමතරව ජනාධිපතිවරයාගේ නිර්දේශ යටතේ 2019 වසරේ සිට වෛද්‍ය සිසුන් බඳවා ගැනීම සඳහා තවත් වෛද්‍ය අධ්‍යාපන ආයතනයක් ස්ථාපිත කරන අතර එම ආයතනය වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන් වලට අනුකූලව ඉදිකරන බවද එම නිවේදනයේ සඳහන් වේ. 2017 ඔක්තෝම්බර් 29 වන දින ජනාධිපතිවරයා විසින් සයිටම් ගැටළුව විසඳීම සඳහා 09 දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කළ අතර, රටේ කාලීන සටන් පාඨයක් මෙසේ ස්ථානෝචිත ප්‍රඥාව පෙරදැරිකරගෙන සමතයකට පත් කිරීම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පෞද්ගලික ජයග්‍රහණයක් නොව රටේ ජයග්‍රහණයක් බව ඉඳුරාම ප්‍රකාශකළ යුතුමය.

