පසුගියදා සෝභිත හිමි ගුණ සමරු උත්සවයකදී අගමැති රනිල් ඉලක්ක කර ජනපති මෛත්‍රිපාල සිරිසේන සිදු
කළ ප්‍රබල කතාවට පිළිතුරු දීමෙන් වැළකී සිටින ලෙස අගමැති රනිල් යලිත් අවධාරණයෙන් දන්වා තිබේ.
මෙම කතාවේ ගැටලු ඇති බවත් ඒ ගැන පැහැදිලි කිරිම යුතුකමක් බවත් තරුණ එජාප නායකයින් පෙන්වා දුන් අවස්ථාවේ අගමැතිවරයා පවසා ඇත්තේ මෙම ප්‍රකාශ වලට පිළිතුරු දීමට කිසිවෙකුට අවශ්‍ය නැති බවයි.
පාඩුවේ තමන්ගේ වැඩ කටයුතු කරගෙනයාම බව පෙන්වාදුන් රනිල් එම ප්‍රකාශ සම්බන්ධයෙන් කලබල වියයුතු නැති බව දන්වා ඇත.

