ජනපති සමඟ සාකච්ඡා කල දේවල් හිටපු ජනපති හෙළිකරයි

ජනපති සමඟ සාකච්ඡා කල දේවල් හිටපු ජනපති හෙළිකරයි
Spread the love
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග ඉකුත්දා පැවැත්වූ සාකච්ඡාවේ තොරතුරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඒකාබද්ධ විපක්ෂයට දැනුම් දීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව හෙට (09) දිනයේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ඒ පිළිබඳ දැනුම් දීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඉදිරියේදී ගත යුතු තීරණ පිළිබඳ එහිදී සාකච්ඡා කරනු ඇති බවට ද දේශපාලන ආරංචි මාර්ග පවසනවා. සභාග ආණ්ඩුවක් පිහිටුවීමට ඉදිරිපත් වී ඇති යෝජනාව සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කරනු ඇති බවටයි පැවසෙන්නේ. 
මේ අතර ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා මීගමුවේ ඊයේ පැවති දේශපාලඥයෙකුගේ දියණියකගේ විවාහ මංගල්‍යයක දී මුණගැසී ඇති බවට ද වාර්තා පළ වුණා.