ඒකාබද්ද විපක්‍ෂය විසින් මෑතකදී කොළඹ සංවිධානය කර තිබූ විරෝධතාවය ඉතාම අසාර්ථක බව එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම් ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
එම විරෝධතාවය ආසාර්ථක කරවීම සදහා බැසිල් රාජපක්‍ෂ මහතා විසින් පණිවුඩ යවා තිබූ බවද ඔහු සදහන් කරයි.
විමල් වීරවංශ මහතා සහ තවත් දේශපාලඥයෙකු විසින් කැදවන ලද පිරිසක් පමණක් එම විරෝධතාවයට පැමිණ සිටි බවත් එය සුළු පිරිසක් බවත් ඇමතිවරයා කීවේය.
කළුතර දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්‍ෂ බල මණ්ඩල රැස්වමෙන් පසු මාධ්‍ය අමතමින් ඔහු මේ අදහස් පල කලේය.

