ජනහද දිනු යුධහමුදා ‌ස‌ෙන්පතියාට ජනපති ම‌ෛත්‍රි නියමය‌ෙන් වසරක ස‌ේවා දිගුවක්…

ජනහද දිනු යුධහමුදා ‌ස‌ෙන්පතියාට ජනපති ම‌ෛත්‍රි නියමය‌ෙන් වසරක ස‌ේවා දිගුවක්…
Spread the love

මේ දිනවල කතාබහට ලක්ව ඇති චරිතයක් වන සිවිල් ආරක්ෂක බලකායේ කිලිනොච්චිය හිටපු අණදෙන නිලධාරී කර්නල් රත්නප‍්‍රිය බන්දු හට ජනාධිපති ම‌ෛත්‍රිපාල සිරිස‌ේන මැතිතුමාග‌ේ විශ‌ේෂ නිය‌ෝගයකට අනුව යුද හමුදාව සේවා විසින්  දිගුවක් ලබාදී තිබෙනවා.

ඒ, තවත් වසරක කාලයක් සඳහායි.

ඔහු ලබන මාසයේදී විශ‍්‍රාම යාමටයි නියමිතව සිටියේ. යුද හමුදා විශේෂ බලකායේ සිටි කර්නල් රත්නප‍්‍රිය බන්දු විනය හේතුවක් මත සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට මාරුකර තිබුණා.

ඔහු සිවිල් ආරක්ෂක බලකායේ කිලිනොච්චියේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කරන්නේ 2012 වසරේ සිටයි. 

ඔහු එම ධුරයට සමුදී අඹේපුස්ස කඳවුර වෙත ස්ථාන මාරුවීම් ලැබ පිටව යන අවස්ථාවේ හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයින් දැක්වූ ගෞරවය ඉකුත් දින කිහිපයේදී දැඩි කතාබහක් මතු කළා.

එහිදී කර්නල් රත්නප‍්‍රිය බන්දු කළ සේවාවට ප‍්‍රදේශයේ ජනතාව ඔහුට ආචාරය පුද කළේ කඳුළු පිරි දෙනෙතින් යුතුවයි. ඔහු මේ වනවිට අඹේපුස්ස සිංහ රෙජිමේන්තුවට අනුයුක්තව සේවය කරනවා.

(ඒ පිළිබඳ සැකසූ කෙටි වීඩියෝවක් පහතින් දැක්වෙයි)