
රෝගී වී කොළඹ ජාතික රෝහලේ නේවාසික ප‍්‍රතිකාර ලබමින් සිටින තම හිතවතෙකු බැලීම සදහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයෙ (26) දිනයේ එහි ගියත් රෝහලේ ආරක්‍ෂක නිලධාරීන් ඔහුට බාධා කර ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.
ජනාධිපතිවරයා රැගත් වාහනය රෝහලට ඇතුළු වීමට උග්සාහ දරා ඇත්තේ රෝහලේ පිටවීමේ දොරටුවෙනි.
එහි සිටි ආරක්‍ෂක නිලධාරීන් වාහනයට ඇතුළුවීමට ඉඩ දී නැති අතර ජනාධිපතිවරයා එහි සිටින බවත් නොදැන සිට ඇති බවද වාර්තාවේ දැක්වෙයි.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා ආරක්‍ෂක නිලධාරීන්ගේ රාජකාරියට බාධා නොකර වාහනය ආපසු ගොස් ප‍්‍රධාන ගේට්ටුවෙන් රෝහලට ඇතුළු වී තිබෙන බවද සදහන්ය.
පිටවීමේ ගේට්ටුවෙන් වාහන ඇතුළු කලහොත් ආරක්‍ෂක නිලධාරීන්ගේ වැටුපෙන් යම් මුලදක් කපා දැමීමේ නීතියක් ක‍්‍රියාත්මක වීම හේතුවෙන් ඔවුන් එසේ කටයුතු කර ඇති බවද පැවසෙයි.
කෙසේ වෙතත් ඊට ටික වේලාවකට පසු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා ආරක්‍ෂක නිලධාරීන්ගේ විරෝධය නොතකා එම දොරටුවෙන් රෝහල පරිශ‍්‍රයට ඇතුළු වී තිබෙන බවද වාර්තාවන්හි දැක්වෙයි.
මේ ආදල ආරක්‍ෂක නිලධාරීන් දෙදෙනා ඊයේ පස්වරුවේ මරදාන පොලීසිය විසින් කැදවා තිබූ බව සදහන් වන අතර ඒ කුමන හේතුවක් නිසාදැයි වාර්තා නොවෙයි.

