ජනාධිපතිවරණයට එජාප ශී‍්‍රලනිප එක පෙරමුණකින් – පොදු අපේක්ෂකයා ජනපති මෙෙත්‍රි

ජනාධිපතිවරණයට එජාප ශී‍්‍රලනිප එක පෙරමුණකින් – පොදු අපේක්ෂකයා ජනපති මෙෙත්‍රි
Spread the love
මීළඟ ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛව එක පෙරමුණක් යටතේ පොදු අපේක්ෂකයා වශයෙන් වර්තමාන ජනාධිපති මෙෙත්‍රිපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කිරීමට සාකච්ඡා ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.  මාධ්‍යවේදින් පිරිසක් සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද (09) පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා කියා සිටියේ ඒ පිළිබඳ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමග තමන් මූලික සාකච්ඡාවක් පැවැත්වූ බවයි.

එහිදී අග‍්‍රාමාත්‍යවරයා ඒ පිළීබඳ සාධනීය ස්ථාවරයක සිටි බවද අමාත්‍ය රාජිත සේනාරත්න ප‍්‍රකාශ කළා. මේ පිළිබඳ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් සමග හෙට දිනයේ තවත් සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි අමාත්‍යවරයා කියා සිටියේ. එක්සත් ජාතික පක්ෂය එක් පෙරමුණකින් තරග කිරීම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමෙන් අනතුරුව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමගද ඒ පිළිබඳ සාකච්ඡා ආරම්භ කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මෙහිදී සඳහන් කළා.

2025  දක්වා වත්මන් යහපාලන රජය ඉදිරියට ගෙන යාමට සැලසුම් කර ඇති බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.