ජනාධිපතිවරනය ඉලක්ක කොට ශ්‍රීලනිපයේ පුර්ණ ප්‍රතිසංවිධානයක් : තීරණ ගැනීමට නව කමිටුවක්

ජනාධිපතිවරනය ඉලක්ක කොට ශ්‍රීලනිපයේ පුර්ණ ප්‍රතිසංවිධානයක් : තීරණ ගැනීමට නව කමිටුවක්
Spread the love
 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුර්ණ ප්‍රතිසංවිධානයක් කිරීමට ඊයේ  (24) පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණය කල බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි අප කළ විමසිමකදී කියා සිටියා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනපති නිල නිවසේදී ඊයේ රැස්වූ නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළේ පක්ෂයේ පුර්ණ ප්‍රතිසංවිධානය සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් පත් කිරීමටයි. එම කමිටුව ලබන මැයි මස 08 වෙනිදා හෝ 15 වෙනිදා අතර පත් කොට පක්ෂ ප්‍රතිසංවිධානය සම්බන්ධයෙන් අවශ්‍ය තීන්දු තීරණ ගනු ඇති බවයි මෙහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ. 

එක්සත් ජාතික පක්ෂය සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් සන්ධාන ආණ්ඩුවේ රැදී සිටිනවාද යන්න ගැන මෙම කමිටුව මගින් අවසන් තීරණය ගැනීමට නියමිත බවයි මන්ත්‍රීවරයා මෙහිදී වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ.

පසුගියදා රජයෙන් ඉවත්වූ තමන් ඇතුළු නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනා ලබන මැයි මස 08 වනදායින් ආරම්භ වීමට නියමිත පාර්ලිමේන්තු නව සැසිවාරයේ සිට විපක්ෂයේ අසුන් ගන්නා බවත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය අවසරය ඊයේ ලබාදුන් බවද චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා කියා සිටියා.