ජනිපෙ අවසන් ගමන් යයි….විමල්ට තරු පෙන්වමින් මුසම්මිල් ලගදීම මෛත්‍රී ලගට..

ජනිපෙ අවසන් ගමන් යයි….විමල්ට තරු පෙන්වමින් මුසම්මිල් ලගදීම මෛත්‍රී ලගට..
Spread the love

ජාතික නිදහස් පෙරමුණේ මොහොමඩ් මුසම්මිල් ඉදිරි දින කිහිපය තුලදි මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමග එකතු විමට සුදානමින් සිටින බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරනවා.

මිට අමතරව ජනිපෙ තවත් පළාත් සභා මන්ත්‍රීවරයේකුද ඔහු සමග ආණ්ඩුවට එක්වෙමිට නියමිතයි.

ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් විමේදි ජානිපේ අපේක්ෂකයන් සම්බන්ධයෙන් මතුවු ගැටලුකාරී තත්ත්වය සහ විමල් සහ ඔහුගේ බිරිද සම්බන්ධයෙන් ඇති චොදනා වලින් නිදහස් විමට එජාප නායකත්වය සමග ඩිල් කිරිම වැනි කරුණු රැසක් හේතුවෙන් විමල්ගේ පක්ෂය දෙදරා ගිය අතර පක්ෂයේ නියෝජ්‍ය නායක වීර කුමාර දිසානායක ඇතුලු සමාජිකයන් රැසක් පක්ෂය හැර ගියා.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පක්ෂය හැර යැමත් සමග එහි සංවිධාන යාන්ත්‍රනය සම්පූර්ණයෙනම බිඳවැටී ඇති අතර පළාත් පාලන මැතිවරණයට පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කල අපේක්ෂකයන් රැසක්ම එම ලැයිස්තු වලින් අවසන් මොහොතේ කැපි ඉවත් විමත් හේතුවෙන් දැනට ඉතුරුව සිටින පක්ෂයේ කිහිප දෙනා ඉදිරියේදි මෛත්‍රීගේ නායකත්වයෙන් යුත් ශ්‍රිලනිපයට එක්විමට නියමිත බවයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළේ.