ජනිපෙ විමල්ව සහ ජයන්තව දුටු තැන අල්ලනු… අධිකරණයෙන් වරෙන්තු

ජනිපෙ විමල්ව සහ ජයන්තව දුටු තැන අල්ලනු… අධිකරණයෙන් වරෙන්තු
Spread the love

අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ ජයන්ත සමරවීර යනඅයට අද(19) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර රණසිංහ විසින් වරෙන්තු නිකුත් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරුගේ පැමිණීම මුල් කොට 2016 පෙබරවාරි හයවන දින මහජන පීඩාවක් ඇතිවන පරිදි උද්ඝෝෂණයක් පැවැත්වීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ අද පැවැති නඩුවකට එම සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම ඊට හේතුවී ඇත.