මම හදපු පොහොට්ටුව බේදකිරීමට කෙටවීමට ඇතුලෙම ඉන්න බලු මැක්කෝ කිනිතුල්ලෝ පිරිසක් කටයුතු කරමින් සිටින්නේ වුවද ඒවාට යටත් නොවන බව එම පක්‍ෂයේ ජාතික සංවිධායක හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ පවසයි.
ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ අලුත් අවුරුද්ද වෙනුවෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩ කටයුතු සර්වආගමික ආශිර්වාද මාධ්‍යයේ නෙලුම් මාවත කාර්යාලයේදී ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදී ඔහු මෙසේද කියා සිටියේය.
“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැදුවේ මම.. දැන් එක ශ්‍රී ලංකාවේ ප්‍රභලතම පක්ෂයක්…. මම හදපු අපේ පක්ෂ ශක්තියට ප්‍රධාන කාරණා දෙකක් පවතිනවා ඒ තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ සහ මගේ නායකත්වය, මේ දෙක නිසා තමයි මේ සියලු ජයග්‍රහණ ලැබුවේ. අපේ ඇතුලෙම ඉන්න අපේ ලේ උරාබොන කිනිතුල්ලෝ බලු මැක්කෝ අපිව බේද කරන්න අපිව කොටවන්න අපිව ඈත් කරන්න ක්‍රියා කරාවි නමුත් අපි ඒවාට යටත් වෙන්නේ නෑ…
හිටපු ආර්ඨික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මෙලෙසින් උත්තර සැපවූයේ පසුගිය සති කිහිඅය තුළම විල විරවංශ, ගම්මන්පිල ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ට බවදේශපාලන විචාරකයන් සඳහන් කරනවා.
විශේෂයෙන්ම ඉදිරි ජනාධිපතිවරණයට නියත වශයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාව ඉදිරිපත් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාව පෙරැත්ත කරමින් කැමති කරවා ගනිමින් සිටින බවට එම මන්ත්‍රිවරුන් පුන පුනා තැන් තැන් වල කියමින් සිටින කරුණක්.
මීට පෙරද ජාතික පුවත්පතක් සඳහා තීරු ලිපියක් පල කරන බැසිල් රාජපක්‍ෂ මහතාගේ දේශපාලන උපදේශක චරිත හේරත් මහතා විසින් ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ දෝෂාභියෝගය පිළිබඳව දැඩි පහරක් එල්ල කරන ලදී.
ඉන් පසු එයට උත්තර සැපයූ විමල් වීරවංශට හිටපු ඇමති එස් එම් චන්ද්‍රසේන විසින් ප්‍රබල පිළිතුරක් සැපයූයේ එකාබද්ධයේ විහිලුවක් ලෙස ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ දෝෂාභියෝගය සඳහන් කරමිනි.
එමෙන්ම මේ දිනවල පොදුජන පෙරමුණේ නෙළුම් මාවත කාර්‍යාලය තුල වඩාත් ආන්දෝලනයට තුඩු දී ඇති මාතෘකා අතර ඉදිරියෙන්ම තිබෙන්නේ 2020 ජනාධිපති අපේක්ෂකයා සම්භන්ධයෙන් වූ උභතෝකෝටිකය යි.
මේ සඳහා යෝජනා වී ඇති හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම් වෙනුවට, පක්ෂයේ ජාතික සංවිධායකවරයා වූ බැසිල් රාජපක්ෂගේ නම යෝජනා කිරීමට පස් දෙනෙකුගේ කල්ලියකින් සමන්විත විද්වත් මණ්ඩළයක් වෑයම් කරනා බව මේ සම්භන්ධයෙන් තතු දත්තෝ පවසති.
මෙසේ දිනෙන් දින දලුලා වැඩෙන 2020 ජනාධිපතිවරණ සටනේ “බැසිල්-ගෝඨාභය අළු යට ගිණි” ඉදිරියේදී ප්‍රසිද්ධ වේදිකාවල පවා දැකගත හැකිවනු ඇතැයි බොහෝ දේශපාලන විචාරකයෝ අදහස් ප්‍රකාශ කරති.

